සම්මුතිය ආණ්ඩුවේ පැවත්ම අවදානෙම්.. එජාපය මහ මැතිවරණයකට සුදානම්.. ආසනයකට හතර බැගින් හදිසි ජනහමු රට පුරා..

February 8, 2017 at 2:10 pm | lanka C news
සම්මුතිය ආණ්ඩුවේ පැවත්ම අවදානෙම්.. එජාපය මහ මැතිවරණයකට සුදානම්.. ආසනයකට හතර බැගින් හදිසි ජනහමු රට පුරා..

දිවයිනේ සෑම ආසනයක්ම ආවරණය වන පරිදි රැස්වීම 4 බැගින් පවත්වා ජනතාව දැනුවත් කොට ඉදිරියේ එන මැතිවරණයකට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ දේශපාලන වැඩපිළිවෙළ ගම් මට්ටමින් පසුගිය කාලවල සිදුකල ඔහුගේ ලේකම් වූ සුදත් චන්ද්‍රසේකරට පවරා ඇත.

මහින්ද යුගයේ දි එජාපෙ අභ්‍යන්තරයේ නොයෙකුත් අර්බුද හමුවේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් වු අවස්ථාවේදි නායකත්වය මෙන්ම පක්ෂය ද රැකගෙන 2015 වසරේ නැවතත් එජාපයට බලය ලබාගැනිමට හැකිවන සේ මංගල සමරවීර සහ සුදත් චන්ද්‍රසේකර හරහා පිහිටවු එජාපෙ සන්නිවේදන බලකාය මගින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම පසුගිය සතියේ සම්මුති ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු උත්සන්න වීමත් සමගම අගමැතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනේ ජනාධිපති පාර්ශ්වයේ මැති ඇමතිවරුන් ගේ ඉල්ලිම අනුව කැබිනට් සංශෝධනයක් සිදු කරන්නේ නම් තමා එයට එකග නොවන බවත් මොනම හේතුවක් නිසා හෝ මුදල් හෝ වෙනත් ප්‍රධාන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු කරන්නේ නම් පක්ෂය ලෙස එය නොඉවසන අතර එසේ වන්නේ නම් එජාපෙ පාර්ලිමේන්තුව මැතිවරණයක් සඳහා ජනතාව ඉදිරියට යෑමට සුදානම් බවයි.

කෙසේ වෙතත් එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ජනාධිපති හා අගමැති ඇතිවි තිබෙන දේශපාලන අභ්‍යන්තර අර්බුදය මතු පිටින් විසදා ගත් බව ජනතාව පෙන්නුම් කලද මෛත්‍රී ජනාධිපතිවරයා සම්බන්ධ විශ්වාසය එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් දැඩිව ඉවත්ව ගොස් ඇති බව නායකත්වය වෙත සන්නිවේදනය වී ඇති බැවින් ඉදිරියේදී එන ඕනම අර්බූදයකට මුහුණ දීමට අවශ්‍ය ක්ෂණික වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කොට ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධණය අනුව වසර හතරක් ගතවන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි වුවත් මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය යයි පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරගනු ලබන යෝජනාවක් මගින් මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන ඇත.

3 views

16 Comments to “සම්මුතිය ආණ්ඩුවේ පැවත්ම අවදානෙම්.. එජාපය මහ මැතිවරණයකට සුදානම්.. ආසනයකට හතර බැගින් හදිසි ජනහමු රට පුරා..”

  1. Karu says:

    Chandaya pawathwa jaya msahindata dee wasara 2 mahinda elawai..

    • Perera says:

      මහා මැතිවරණයකින් එජාපය දිනන්නේ උඩින්ම. 60% ක් ෂුවර්, අපි ට්‍රයි කරන්නේ 70% කිනම දිනන්න. mara + gora පුලුවන්නම් චන්ද ලක්ෂ දහයක් අරන් පෙන්නපන්.

  2. asaranaya says:

    බය නොවන්න දරුව! පඹ සීයාගෙ අප්පොච්චත් යු.ඇන්.පී කාරයෙක් නෙ , හීන් බබා සියාගෙ බාප්පොචිචි හැම් තැනම කිය කිය යනවා

    • jayamal says:

      මේ සූදානම් වන්නෙත් ජනතා අවධානය වෙනත් පැති වලට යොමු කරලා රට කෑලි නවයකට කඩන ව්‍යවස්තාව කාටත් නොදැනිම සම්මත කරගන්නයි. මේ ගැට වලට මුලා නොවී ජනතාව සීරුවෙන් හොඳ කල්පනාවෙන් අවදියෙන් සිටිය යුතුව ඇත. රට බෙදන ව්‍යවස්තාවට කිසි සේත් ඉඩ නොතැබිය යුතුය. දේශප්‍රේමී සැවොම එක්වී මව්බිම බේරාගැනීමේ අවසන් හෝරාව එළඹ ඇත.

      • nanayakkara says:

        වසර 2 ක් බොරුවෙන් සහ රට කුලප්පු කරන පුවත් එකින් එක පළ කරමින් 62 ලක්ෂයක් බූරැවන්ට එදාවේලට යමක් දෙමින් දුවන පචපාලනය වහාම මෙරටින් තුරන් කල යුතුය.

        තව දුරටත් මෙලෙස ගියොත් රට තවත් දශක ගණනකින් ආපස්සටම යනු ඇත.

        අධික වයස් ගත විම හේතුවෙන් ළදරුවන් සේ ක්‍රියා කරන මහා නායක වරුන් නොසලකා සිහි බුද්ධියෙන් යුතු මහා සංඝරත්නය සමග එක්ව ලක්මව බේරා ගනිමු.

  3. එජාපෙ තරුණ කැල says:

    මහා මැතිවරණය ප්‍රකාශ කලොත් එදාට මෛත්‍රී හාන්සියි.

    • බන්ඩයියා says:

      බයවෙන්න එපා බබෝ, යහපාලන රෙජිමය යටතෙ මැතිවරණ නැහැ. මොකද සිරා/රනිල දන්නවා මැතිවරණ තිබ්බොත් යහපාලනය නඩය එතැනින්නම කපුට්ස් කියල.

  4. ගල්ගමුවේ ජයසුන්දර says:

    ජයවේවා අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට මෛත්‍රී අපේ ඡන්දය අරන් ජනාධිපති වී අපේ පක්ෂයත් විනාශ කරන්නයි හදන්නේ. මහින්ද රාජපක්ෂ කරු ජයසූරිය ඇතුළු තිස් ගනනක් අරගෙනත් අපි පක්ෂය රැක ගත්තා.

  5. කදුරුවෙල තිලක් says:

    මහින්දගෙ පියන් අපේ ඡන්දය අරන් ජනාධිපති වී ලැජ්ජාව නැතිව එනවා අපේ පක්ෂයේ මැති ඇමතිවරුගේ දූෂණ ගැන හොයන්න. මෛත්‍රී ඇතුළු මහින්දගේ මුලු කැබිනට් එකේම ඉන්නේ හොරු. පොලොන්නරුවේ වී හෝටල් විතරක් නෙවී මහවැලි ගගේ එක වැලි කැටයක් යූඑන්පී කාරයෙකුට අල්ලන්න ඉඩ දුන්නේ නැහ. මෛත්‍රීගේ මල්ලි වැලි රාජුගේ වැලි එකාධිකාරය ගැන වෙනම කොමිසමක් දාන්න අගමැති තුමනි ඒක ඔය මහා බැංකුවේ වුනා කියන දූෂණයට වඩා විශාලයි, මුලු පොලොන්නරුවේ පරිසරයම ඕකුන් වැනසුවා.

  6. එම් හම්ෂා says:

    රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමනි. මෛත්‍රීපාල සිරිසේන විශ්වාස කරන්න එපා. බලය වෙනුවෙන් තමන්ගේ නායකයා විනාශ කරපු මිනිහා අපේ පක්ෂයත් සජිත් ප්‍රේමදාස ශ්‍රිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුනරත්න සමග මහාරාජාගේ සිරස අල්ලාගෙන දිනපතා ඔබතුමාගේ නායකත්වය විනාශ කරන්න මඩ ගහනවා.

  7. Champa says:

    පට්ට “බොලුවක්”.

    මහජන අවධානය රටට බලපාන අතිශය අහිතකර ප්‍රශ්ණ වලින් ඉවතට ඇදලා ගන්න ගහන ගැටයක්.

    UNP එක මිනිස්සුන්ව ගේන්නේ සල්ලි වීසි කරලා. සල්ලි වීසි කරලා පෙන්වන කොයි ජන ගඟේනුත් සැබෑ ජන මතය පිළිඹිබු වෙන්නේ නැහැ. ඡන්ද කියන වචනේ ඇහෙන කොටත් කකුල් mandolin ගහන රනිලුයි UNP ඇමැතිවරුයි හැමෝම දන්නවා තමන්ට ගෙදර යන්න වෙන බව.

    කලින් කළා වගේ හොර ඡන්ද දාලා දිනන්න ආවොත් මිනිස්සු විරුද්ධ වෙනවා වගේම, කලින් විදියට ඡන්ද ප්‍රතිඵල විකෘති කලත් මහජනතාව ඒකටත් විරුද්ධව ඊළඟ ඡන්දෙදි නැගී හිටිනවා. ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ.

  8. ඇත්ත says:

    ආණ්ජුව කරගෙන යාමට නොහැකි නිසා රනිල් මූලික NGO නඩය පාර්ලිමේන්තුව විසුරැවා නැවත මහින්දට දිනීමට සළස්වයි. ජනාධිපති සිරිසේන විසින් මහින්දට වැඩේ දෙයි..පාර්ගිමේන්තු මැතිවරණයක් නොවෙයි…..ජනාධිපතිවරණයක් තියන්න කියමු මේ කුමන්ත්‍රණය පැරදවීමට…..

  9. gamaya says:

    Meka amoolika boruwak, janatha apprasaadaya whannna maathruka denawa

  10. nanayakkara says:

    මේ අවස්ථාවේදී රටේ පාලකයකු නොමැති බැවින්ද විධායකය 19 සංශෝධනයෙන් දුර්වල වී රට අරාජික වී නැවත ගැටුම් ඇතිවිය හැකි වාතාවරණයක් උද්ගතවනබැවින්ද 19 වහාම අවලංගු කර ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයේදී තැබීමට හැකි වන සේ පනත් සම්මත කර වහාම ඉහත මැතිවරණ දෙකම පැවැත්විය යුතුය.

Main News