සම්මුති ආණ්ඩුව රටට හොදයි.. ශ්‍රිලනිපය දැන් කාරයන්ගෙන් ගුටි කන්නේ නෑ.. වෙන්ව ඡන්දය ඉල්ලා එකට ආණ්ඩු කිරිම ලොකු ජයක්..- ශ්‍රීලනිප සමුළුවේදී..
September 4, 2017 at 3:19 am | lanka C news
66 වෙනි ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවත්සරය බොරැල්ල කැම්බල් පිටියේදී පැවති අතර පැමිණි ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් වෙත ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ නායකයින් ප්‍රකාශ කලේ 1956 සිට ශ්‍රීලංකා නිදහස් පක්ෂය නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක් බවත් මේ වනවිට රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එජාප හා ශ්‍රිලනිප එක්ව එකට ආණ්ඩුව සම්මුති ආණ්ඩුවක් කිරීමෙන් විශාල ජයග්‍රහණය රටට මෙන්ම ජනතාව ලබාදීමට හැකි වූ බවත්ය.
බණ්ඩාරනායක මහතා රටේ දේශපාලන සංස්කෘතිය නව මාවතකට යොමුකල නායකකයකු බවත් ඔහු එසේ කිරීම නිසා වසර තුනහාමාරක් යාමටත් මත්තෙන් විරුද්ධවාදින් විසින් ඝාතනය කල බවත් ඉන්පසු ශ්‍රිලනිප නායකත්වයට පැමිණි සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් පවා අහිමි කල බවත් එදා විරුද්ධවාදින් එසේ ක්‍රියා කලත් අද ඒ සියල්ලම වෙනස් කලේ සම්මුති ආණ්ඩු ක්‍රමය නිසා පක්ෂ දෙක එකතුවීමෙන් බවත් නැත්නම් මේ වනවිට ශ්‍රිලනිප පාක්ෂිකයින් එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ගුටිකන බවත් අද එකට ආණ්ඩු කිරිම නිසා එය වැලකී ඇති නිසා එහි ගෞරවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමිවිය යුතු බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂයේ උප සභාපති ලෙස යෝජනාවක් ද සමුළුවේදි කියවන ලදි.