LTTE සමාගමකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දමයි… කැබිනට් පත්‍රිකාව එන සතියේ..
April 5, 2019 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය එල්. ටී. ටී. ඊ. මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සදහා වූ කැබිනට් පත්‍රිකාව ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක් වී සිටියහ.
මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකම්ම ඇදවැටී බංකොළොත් වන බවත් සභාපතිවරයා පැවසීය.
එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනය ද දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද ඔහු කීවේය.
මෙම ගනුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සදහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා පැවසීය.
වර්තමාන රජය ශ්‍රී ලංකන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත්, ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය. මේ නිසා පසුගිය වසර 10 ක කාලයේ ද ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත්, එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය.
මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03 ක් හේතු වූ බවත්, මෙයින් පළමු වැන්න පසුගිය වසර 4 ක කාලයේදී අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 දෙනකු යටතේ විධායක නිලධාරීන් 04 දෙනකු සහ සභාපතිවරුන් 03 ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද ඔහු පැවසීය.
දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳ සහිත නවීනතම ඒ.- 350 එයා බස් ගුවන් යානා ගනුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවසීය.
මීට අමතරව මෙම තත්ත්වයන් නිසා ඒ.- 330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින බවත්, එම ගුවන් යානා සඳහා ද ලීසිං වාරික ගෙවීමට සිදු වී ඇති බවත් ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත්, තමන් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බව පැවසීය.
මේ සඳහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලූ වෘත්තීය සමිතිවලට අනුයුක්ත සේවකයින් 8,000 ක් දෙනා ද ඉදිරිපත් වන බවත් ඔහු පැවසීය.
– divaina
best option because last time privatized it got profits.
ලයිකා මොබයිල් කියන්නේ එංගලන්කයේ පිලිගත් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක්…!
පලමුව මොහුට ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න….!
දෙවෙනුව පාර්ලිමේන්තුවම විකුණන්න…!!
දෙකම ලස්සනට හදලා ගනියි… මාස තුනක් ඇතුලත පට්ට හොරු අයින්කරල දාලා…
අට පාස් සෙකුරිටි කරලා…. කට පාස් කම්කරු කරලා..!!
දක්ශ. මගෙ වල්ගෙ. කලු සල්ලි වලින් පොහොසත් වෙන එක. ත්රස්තවාදීනට තමන්ගෙ සල්ලි හුවමාරු කරන්න උදවු දීල හම්බ කරගත්ත උන් දක්ශ හොරු. ව්‍යාපාරිකයො නෙවෙය්.
paadu labanawaata wadaa wena samaagamakata badu deelaa aaye laaba labana thathwekata genawaanam hondayi, namuth a badu denneth ratata uchitha aayathanayakatada kiyalaa badu deemata pera baluwoth hondayi,
mehi waradak nehe…aye kawadawath rajayata pawara gata noheki bawata kondesi samaga wikuna demiya yutuyi…..
උන්ගත්තොත් පවුලේ උන් ඕකට ඇවිල්ල ඉන්න උන් ඔක්කොමට ගෙදර තමයි යන්න වෙන්නේ.පුලුවන්නම් ගොන්ජට කියපන් කටක් හොල්ලන්න කියල මේ ගැන. උගේ යාලුවෝ ඔය
සෙවකයෝ 8000ක්. ගුවන් යානා දහයක්ද කොහෙද තියෙන්නෙ. එතකොට එක ගුවන්යානයකින් යැපෙන්න කී දෙනෙක් ඉන්නවද? ඕක විනාසවුණේ දේශපාලකයන් විසින් දාපු මේ අනවශ්‍ය සේවකයො නිසා.
This one of our national assets.!!! To sell it off to a foreign firm is absolutely unnecessary.!!! Sri Lanka can restructure and run as our National Airlines.!!!
Alas, these days, all national assets anyone can get hold of, is being sold to foreigners for a TUPPENCE, when other countries are safegarding their national assets and trying to buy assets from other countries.!!
Our country has become a prominent target for foreigners with few dollars to buy our national assets.!!!
What a country Sri Lanka has become???????