සමාජ ජාලවල කොරෝනා බොරු පතුරුවන්නන්ට නීතිය තදින්..- පොලිසිය ක‍්‍රියාත්මකයි..

March 12, 2020 at 5:30 pm | lanka C news
සමාජ ජාලවල කොරෝනා බොරු පතුරුවන්නන්ට නීතිය තදින්..- පොලිසිය ක‍්‍රියාත්මකයි..

සමාජ ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා පොලිසිය දන්වයි.

කොරෝනා වෛරස් ආසාදනය ගැන සමාජ ජාලාවල පළවන පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සඳහන් කර ඇත.

දැනට මෙරට තුළින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බවත් ඔහු ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් නිවේදනයේ දැක්වේ.

ඔහුගේ පවුලේ කිසිවකුට වෛරසය ආසාදනය වී නැතැයිද පවුලේ සාමාජිකයන් නිරෝදායනය කරමින් ඇති බවද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

71 views

One Comment to “සමාජ ජාලවල කොරෝනා බොරු පතුරුවන්නන්ට නීතිය තදින්..- පොලිසිය ක‍්‍රියාත්මකයි..”

  1. nrs says:

    දැන් ලංකාවෙ තත්වෙ අනුව මේවා තහනම් කරත් හොදයි,
    සාරධර්ම පිරිහෙනවා
    ලංකාවෙ බොහොමයක් ඇන්ටිලා චුටි පුතාලට ආදරේ කරන්න ගිහින් සමාජයේම ගුනදහම් නැතිවෙනවා ,
    දෙමාපියන්ගේ නොසැලකිල්ල මත තමන්ගේ ගැනු/පිිරිමි දරුවන් ඉබාගාතෙ ගිහින් තමන්ගේ අනාගතේ විහින්ම විනාශ කර ගැනීමට හේතුවෙනවා
    නුගත්කම මත තමා මේක වැඩිහරියක්ම වෙන්නේ

    පොදුවේ ගත්කල සමාජ ජාල හොදයි,
    ඒත් වදුරන්ට කන්නාඩි අහුවුනාම වෙන්නේ මොකක්ද

Main News