සමාජ ජාලාවල ඉහලම හරසර.. හමුදාව විසින් බේරාගෙන ඇත්තේ සහරාන්ගේ බිරිද හා දරුවා..

April 28, 2019 at 3:00 pm | lanka C news
සමාජ ජාලාවල ඉහලම හරසර.. හමුදාව විසින් බේරාගෙන ඇත්තේ සහරාන්ගේ බිරිද හා දරුවා..

පෙරදා පස්වරුවේ දී කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇතිවූ විදිහා හුවමාරුවෙන් දිවි ගලවා ගත් කාන්තාව සහ දරුවා තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම්ගේ බිරිඳ හා දරුවා යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ වන විට එම කාන්තාව සහ දරුවා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පෙරේදා දින ගැටුම සිදුවීමෙන් පසු ඊයේ එම ස්ථානයන් පරික්ෂා කිරීමේදී මෙම කුඩා දරුවා සහ කාන්තාව හමුවිණි.

හමුදාව විසින් ඔවුන් රෝහල්ගත කරන ලද අතර මෙම දෙදෙනා සහරාන්ගේ බිරිඳ සහ දරුවා යැයි පොලිසිය කියා සිටී.

මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි ඉතා අගය කරමින් ප‍්‍රතිචාර දක්වා ඇත.

46 views

7 Comments to “සමාජ ජාලාවල ඉහලම හරසර.. හමුදාව විසින් බේරාගෙන ඇත්තේ සහරාන්ගේ බිරිද හා දරුවා..”

  1. sathya says:

    Well done !!!
    Its time to get all the known information.

    • ""සංහිඳියා"" සම්මානය says:

      අනේ එහෙමනම්…
      “”සංහිඳියා”” සම්මානය සහරාන්ගේ බිරිද හා දරුවාට දෙමු…!!
      මංගල-රාජිත

  2. UD says:

    අපිට මේ දවස්වල සමාජ ජාලා නැතෝ……………

  3. World best disciplined Army says:

    Congratulations. We are world best disciplined Army. Wonderful example.

  4. මානව හිම්කම් සන්විධන් කොහෙද දැන් හැන්ගිලා ඉන්නේ

  5. නයා says:

    මොවුන් සුව වී සමාජ ගත වූ සැනින්, අසාම් අමීන් ලා වැනි අන්තවාදී ද්‍රෝහීන්ගේ මග පෙන්වීම යටතේ, උන් විසින්ම පුපුරවා ගත් බෝම්බ හමුදාවේ ප්‍රහාර ලෙස දක්වා ලෝකය ඉදිරියේ අපේ හමුදාවන් මානව හිමිකම් කඩ කරන්න ලෙස හුවා දැකිවිය හැකිය.
    අපේ හමුදා විරුවන් මොවුන්ගේ ජීවිත බේරා ගන්නේ එවන් අවධානමක්ද හිස දරා ගනිමින්ය

  6. Asoka says:

    Helata eyethi ekama rata Heladivey, dan wath Sihalunta vataheywaa

Main News