සමාජ ජාල ඇවිලෙන ගින්නට හරීන් අත දායි.. ලෝක කුසලාන සංචිතය තමන් නම් නොකල බව කියයි.. දිමුත් වෙනුවෙන් පෙනී සිටී..

April 19, 2019 at 10:00 am | lanka C news
සමාජ ජාල ඇවිලෙන ගින්නට හරීන් අත දායි.. ලෝක කුසලාන සංචිතය තමන් නම් නොකල බව කියයි.. දිමුත් වෙනුවෙන් පෙනී සිටී..

ලෝක කුසලානය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා තමන්ගේ මැදිහත්වීමක් නොවූ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද කණ්ඩායමට අනුමැතිය ලබා දීම පමණක් තමන් විසින් කරන ලද බවද ඔහු පවසයි.

දිමුත් කරුණාත්රන නායකත්වය සඳහා පත්කර ඇත්තේ ශාන්ත ජෝසප් විදුහලේ ඒ නිසා බවට පළවන සමාජ ජාල වාර්තා ඇමතිවරයා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තිසර පෙරේරා මෙන්ම ඇන්ජලෝ මැතිවුස්ද එම පාසලේ ක්‍රීඩකයන් බවයි.

කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලියට ආගම සහ වෙනත් තර්ක ඉදිරිපත් කිරීම ගැන කණගාටු වන බව ද සඳහන් කරන ඔහු දිමුත් කරුණාරත්න බෞද්ධයෙක් බව ද සඳහන් කරයි.

එමෙන්ම හොඳම නායකයා හොඳම ක්‍රීඩකයා විය නොහැකි බවත් හොදම ක්‍රීඩකයා හොඳම නායකයා නොවන බව තමන් විශ්වාස කරන බව ද ක්‍රීඩා ඇමතිවරයා තවදුරටත් සඳහන් කරයි.

කම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා ඇමැතිවරයා මෙම අදහස් පල කරන්නේ ඊයේ දිනයේ නම් කරන ලද ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය සම්බන්ධයෙන් සමාජ ජාල වල එල්ල වන දැඩි විරෝධයට ප්‍රතිචාරයක් ලෙසයි.

131 views

14 Comments to “සමාජ ජාල ඇවිලෙන ගින්නට හරීන් අත දායි.. ලෝක කුසලාන සංචිතය තමන් නම් නොකල බව කියයි.. දිමුත් වෙනුවෙන් පෙනී සිටී..”

  1. රටට හිතවත් says:

    අද වනවිට තත්වය නම් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රිකට් හැර අනිත් ඔක්කොම පුළුවන්, නළු නිළියන්ට රඟපෑම හැර අනිත් ඔක්කොම පුළුවන්, රියදුරන්ට වාහන පැදවීම හැර අනිත් ඔක්කොම පුළුවන්………… දේශපාලකයින්ට දේශපාලනේ හැර අනිත් ඔක්කොම පුළුවන්! හැබැයි පාතාලයින්ට උන්ගේ ජොබ් එක වගේම අනිත් ඔක්කොමත් පුළුවන්!!

  2. Wasu says:

    Sport minister Harin and dimuth from same school well as Mathews and Thisara. Catholic Mafia . Gebrial plan

Main News