සමාජ ජාල තහනම නිසා ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක්..

April 28, 2019 at 8:02 am | lanka C news
සමාජ ජාල තහනම නිසා ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක්..

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක්..සමාජ මාධ්‍ය තහනම ඉවත්කරන්න ජනපතිට ශ්‍රී ලංකා පරිවර්තන සමුහයෙන් ලිඛිත ඉල්ලීමක්

රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැටීමට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වන අප වෙත වාර්තා වී ඇත.

පසුගිය වසරේ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවූ බව එම වසරේදී ඇමරිකානු තානාපති කාර්යාලය මගින් දැනුම් දෙනු ලදී.

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස මින් පෙර අවස්තාවන් වලදී රජයට අප සමුහයේ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වුවද රජය ඒ පිලිබදව කිසිදු තැකීමක් සිදු නොකළ අතර අද දිනයේ අප සමූහය ජනපතිදුන්ට ලිඛිත ඉල්ලීමක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිත් කල අතර ඉදිරි අනාගතයේදී රටේ ආර්ථිකයට බලපෑ හැකි අනතුරක් පිලිබදව ජනපති ඇතුළුව රටේ වගකිවයුතු බලධාරීන් තම දෑස් යොමුකරයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ඉතාමත් වගකීමෙන් අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

48 views

14 Comments to “සමාජ ජාල තහනම නිසා ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක්..”

  1. AK47 says:

    සංචාරකයෝ ලංකාවට ආවාම ලාභදායි ලෙස ඔවුන්ගේ පවුල් සමග කතා කරන්නේ වට්සැප් හරහා. ඒ වගේම ඔවුන් ෆේස්බුක් සහ මැසෙන්ජර් පාවිච්චි කරණවා. ඕකෙන් සංචාරක කර්මාන්තයටත් බාධා වෙනවා.

    කොච්චර උනත් ෆ්‍රී වයිෆයි ගන්න කියලා රට පාවා දුන්නු 62 ලක්ෂය ගැන දුක්මුසු කාලකන්නි උපහාසයක් හිතට දැනෙනවා.

    • බන්ඩා says:

      දැන් සංචාරකයො ලංකාවට එනවද කියන්න මං දන්නෙ නැහැ. හැබැය් අන්තර්ජාගය ගැන දැනුමක් තියන අය vpn proxy බාගත්තවා. එවිට ඔය තහනම බලපාන්නෙ නැහැ.

      • ගමේ මිනිහා says:

        ජක්‍යන්තරය ගැන දන්නෙ නැති අපටම තමා වය්පය් දෙනවා කිව්ව උන් කෙලින්නෙ. හපෝය් මුන්.

      • Jothi says:

        තොර්තුරු දැන ගැනීමට අවශ්‍ය නැත…ජනාධිපතිතුමා දවසකට සැරයක් රටටම තොරතුරු දෙයි…

      • ලබ්බා says:

        එහෙනම් මොන ලබ්බකටද ඕක තහනම් කරල තියෙන්නෙ.

        • බන්ඩා says:

          ගම්වල ඉන්න අපේම උන්ට වෙන්නෙ මොනවද කියල නොදැන තියන්නය්.

        • බන්ඩා says:

          ගම්වල ඉන්න අපේම උන්ට රටේ තොටේ වෙන්නෙ මොනවද කියල නොදැනගන්නය්.

  2. CEH says:

    සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර කඩාවැටීමේ අවදානමට වඩා අවධානමක් දැන් රට හමුවේ තිබෙනවා. අවම තරමෙන් තවත් දෙසතියක් පමණ මෙම සමාජජාල වාරණය බලපැවැත්විය යුතුයි !!

    • කෝනාර says:

      එහෙමනම් සියලු මාධ්‍ය ආයතන වසා දමමු. පියල් නිශාන්ත මන්ත්‍රීවරයා හමුදාව මියගිය බවට සජීවී විකාශයක පට්ට කෙබර කිව්වත් ජනතාව ඇවිස්සුනාද? මේ ආණ්ඩුව 2015 සිටම කොපමණ උන්මත්තක වැඩ කළාද? ඒත් ජනතාව ඇවිස්සුනේ නැත.

      ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් මැතිවරණ නොතියා ඡන්දය කොල්ලකා ඇත. ඒත් ජනතාව ඇවිස්සුනාද?

      මේ වැඩ බැරි ආණ්ඩුව ජීවත්වන්නේ නැති ප්‍රශ්න ඇතිකර ඒවාට පිළිතුරු සෙවීමෙනි. ඉතිහාසයේ කවර ආණ්ඩුවකටත් වඩා ජනතාවගෙන් තොරතුරු සගවා ජනතාවට වැඩේ දුන්නේ රනිල්-මෛත්‍රී ජාතික ආණ්ඩුව නේද? ඒත් ජනතාව ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නවා නේද?

      ජනතාවට අවශ්‍ය දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි නේද?

      ආණ්ඩුවේ කන්තෝරුවල කිසි වැඩක් කරන්නේ නෑ නේද? රජයේ රෝහලකට ගිය විට මුදල් කීයක් වියදම් වෙනවාද? රෝගියා ලග නතර කරන්න වරුවකට රු.1000/= යනවා නේද? ඒත් ජනතාව උද්ඝෝෂණය කරනවාද? ජනතාව උද්ඝෝෂණය කරන්නේත් සල්ලි වලටය.

      ඒ නිසා මේ වැඩ බැරි ආණ්ඩුවට ජනතාවට ඕනෑම දුකක් වේදනාවක් දෙන්නේය.

      අතුරුදහන් කාර්‍යාල පනත හරහා විදේශීය හමුදාවලට ලංකාවට පැමිණීමට අවස්ථාව මේ මෝඩ පාර්ලිමේන්තුව නීති සම්මත කරලා තියෙනවා නේද?

      කෝ මේ ජනතාව… ඈ..

  3. Gayantha says:

    Social media ඔවුන්ගේ වගකීම ඉශ්ට කරන්නේ නෑ. Eg – fb එකේ ඕන කුනු ගොඩක් share සහ comment කරන්න පුලුවන්. ඔවුන්ගේ filter කරන විදිය ඉතාම දුර්වලයි මොන කයිවරු ගැහුවත්. ඒක තමයි චීනේ වගේ රටවල් කොහොමවත් ඉඩ දෙන්නේ නැත්තේ. ඉතින් ඔවුන් ඔවුන්ගේ system හරියට හදාගන්නවනම් මේ ගැටලු වෙන්නේ නෑ නේ. ජාතික ආරක්ශා තමයි එක. ඒට පස්සේ අනිත් ඒවා අදාල වෙන්නෙ. අනික දේශිය ආර්තිකේට මුල් තැන නොදී පිටින් එන මේ වගේ අදායම් මත යැපන එක රටකට ලොකු අවදානමක්. මෝඩ රනිලට නොතේරුනාට

  4. Sohona says:

    අනේ මන්ද සමාජ ජාල තහනම්, ISIS තහනම් නෑ, සුභ අනාගතයක් 😲😕🤓🤠,අමෝ

  5. Ranjith Pushpakumara Perera says:

    Social media ඔවුන්ගේ වගකීම ඉශ්ට කරන්නේ නෑ. Eg – fb එකේ ඕන කුනු ගොඩක් share සහ comment කරන්න පුලුවන්. ඔවුන්ගේ filter කරන විදිය ඉතාම දුර්වලයි මොන කයිවරු ගැහුවත්. ඒක තමයි චීනේ වගේ රටවල් කොහොමවත් ඉඩ දෙන්නේ නැත්තේ. ඉතින් ඔවුන් ඔවුන්ගේ system හරියට හදාගන්නවනම් මේ ගැටලු වෙන්නේ නෑ නේ. ජාතික ආරක්ශා තමයි එක. ඒට පස්සේ අනිත් ඒවා අදාල වෙන්නෙ. අනික දේශිය ආර්තිකේට මුල් තැන නොදී පිටින් එන මේ වගේ අදායම් මත යැපන එක රටකට ලොකු අවදානමක්. මෝඩ රනිලට නොතේරුනාට

  6. සකල බුජං says:

    සමාජ ජාලා තහනම් කරන්න ලක්‍ෂ හැට දෙකක් මනාපය දී තිබෙනවා.එකාට අං දෙක ගානෙ ගනන් ගත්තොත් එතනම අං එක්කෝටි විසි හතර ලක්‍ෂයක්.දැන් අං ඇදපල්ලා.

  7. Shameera Mahawattage says:

    ඉස්කෝලෙ කැම්පස් එකේ එකට හිටපු යාළුවන්ගෙ තොරතුරු දැනගන්නෙ මේකෙන්. ලඟ ඉන්නව වගේ. මේ තහනම ඉවත් කරන්න.

Main News