සමාජ මාධ්‍ය මර්දනයට සූදානමක්..?

December 20, 2019 at 1:20 pm | lanka C news
සමාජ මාධ්‍ය මර්දනයට සූදානමක්..?

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය මර්දනයට පිඔුරුපත් සකසා භාෂණයේ නිදහසට මැකෝ අභියෝගය කරන්නේ රජය අපකීර්තියට පත් කිරීමටද

සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ප්‍රකාශ කොට ඇති බව ප්‍රසිද්ධ පුවත්පතක මුල් පිටුවේ සදහන් වී ඇත. මෙසේ සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන එමට මැතිවරණ කොමසාරිස් වැනි ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කටයුතු කිරීම පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය බලවත් විරෝධය පලකරමු.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට විවිධ මාධ්‍ය හමුවල ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කරන්නට වූ අතර ඒ සදහා මැතිවරණ කොමිසම සතුව කිසිදු නීතිමය බලතලයක් නොමැති බව අප සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ “ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවෙහි” මනාව සදහන් කොට ඇත.

සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරණ නිහඩ කාලය තුල බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් ස්වයංපාලනයකට ලක්ව තිබූ බව අප තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

තවද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බවත් යම් හෙයිකින් සමාජ මාධ්‍ය ජනාධිපතිවරණ ප්‍රතිපල වලට බලපෑමක් එල්ල වුයේ නම් එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කෙරෙනා බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස වැඩිදුරටත් සදහන් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

42,094 Viewers

12 Comments to “සමාජ මාධ්‍ය මර්දනයට සූදානමක්..?”

  1. Lebbe says:

    Mum awilla pisso madiwata apu rial pisso.

  2. Gemunu says:

    නව නීති සැකසිය යුත්තේ සමාජ මාධ්‍යයට නොව අයිතිකරුගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට බේගල් දෙසාබාන ජඩවාහිනී නාලිකා වලට බව මැකෝට අමතකද?

    • කැලුම් says:

      පහුගිය කාලෙ වැඩියෙන්ම ජනතාවට බේගල් දෙසා බෑවෙ රාජ්‍ය මාධ්‍ය දෙක. මිනිස්සු ඇත්ත දැනගත්තෙ පුද්ගලික මාධ්‍ය වලට(හිරු, දෙරණ ) පින් සිද්ධ වෙන්න.

  3. මැකෝතුමණි අප දන්නා නොදන්නා රහස තමයි ඔබ කොහොමත් යහපාලුවෙක් කියලා. මැකෝතුමණි ඔබටත් සුවිස් යන්න චාන්ස් එකක් දෙනවා කීවද.

    • මාතර සුනිල් says:

      අනේ පව් ඔයා දන්න විදිහ. ගෝටාගේ පුරවැසි ගැටළුව කිසිම ගැටලුවකින් තොරව විසඳලා දුන්න මැකෝ තුමා කාගෙ ගොට්ටෙක්ද කියල රටම දන්නවා.

  4. රට හරි අතට ගමන් කරන්න පටන් ගත්තා විතරයි. කිමද මැකෝ මේ අරැමැක්කේ විගඩමකට සැරසෙන්නේ.

  5. අතරමං වු ශුි ලාංකිකයන් නිවැරදි දිශාවට ගමන අාරම්බ කලේ පවිටු අදහස් පසෙකලා බව මැකෝ පිලි ගන්නවා නම් හොදා

  6. Hiro says:

    මැකෝ අපේ ජනාධිපතිටත් තියෙනවා තොරතුරැ තාක්ෂණ උපාධියක්. එතුමා යන මග අවහිර කරන්න යන්න එපා. අනික 69 ලක්ෂයක් එතුමා සමග කියලත් අමතක කරන්න එපා.

  7. MD says:

    Suwadeena comasaris kenekuta eha giya balayak penwagena oluwatama wedi tiyanna dagalana kenek.

  8. Gonsun says:

    Makko,
    Mage gedara balla kivva, Sunamda Desha apriya kiyanne Jadapalana UNP kerumek kiyala.
    Oba thuma eyage aiya neda.?.

    Weradinam.mama ballawa maranawa.ethakota Mekko okkoma bimata panievy.

  9. David Milli-banda says:

    Mako is following his brother Sunanda Deshapriya’s instructions sent from Europe.
    Mako is like a chameleon…… Changes colour according to Sunanda’s instructions.

    Sunanda is the person who defrauded Rs. 200K from the free media movement and Mrs. Coomaraswamy (Indrajith’s Sisiter) said she did not know.
    These are the people with Saravanamuththu and Rama Mani wanted to bring the R2P of Garath Evans to Sri Lanka to divide the country.

  10. මාතර සුනිල් says:

    මේකේ 3.42ට “මාතර සුනිල්” කියලා කොටලා තියෙන එකා මොකාද. කොහේ ඉදල කඩන් පාත් වෙච්ච එකෙක්ද. ඔරිජිනල් මාතර සුනිල් මම.

Main News