සමාන්‍යය පෙල විභාගයේ අපෙක්ෂකයෙකු විභාග ප‍්‍රශ්න පත‍්‍ර බලන්නත් යොදවලා..

December 23, 2018 at 6:48 pm | lanka C news
සමාන්‍යය පෙල විභාගයේ අපෙක්ෂකයෙකු විභාග ප‍්‍රශ්න පත‍්‍ර බලන්නත් යොදවලා..

මෙවර පැවති අපොස සමාන්‍යය පෙල විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර  ඇගයිම් රාජකාරි සදහා මෙවර අපොස සමාන්‍ය පෙල දෙවන ශ්‍රේණියේ සිංහල විභායට පෙනි සිටි ගුරුවරයෙකුව පරිපාලන රාජකාරි සදහා යොදවා ඇති බව ලංකා ගුරු සංගමයේ මහ ලේකම්  ජොශස් ස්ටාලින් මහතා පැවසිය.

ජෝශප් ස්ටාලින් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විභාග දෙපාර්තුමේන්තුවේ විභාග ඇගයිම් රාජකාරි සදහා යොදවන නිලධාරින් සම්බන්ධයෙන් විභාග කොමසාරිවරයා විසින් පනවා ඇති නිතිරිති සහ කොන්දේසි  වලට පටහැනිව හැටන් බොස්කෝ විදුහලේ සේවය කරන කලාප අධයාපන අධ්‍යක්ෂකවරයාට හිතවත් ගුරුවරයෙකුගේ නම  හැටන් කලාප අධ්‍යපන අධක්ෂකවරයා විසින්  විභාග ඇගයිම් කටයුතු සදහා නිර්දේශ කර විභාග කොමසාරිස්වරයා වෙත යවා ඇති බවයි.

එම ගුරුවරයා මෙවර අපොස සමාන්‍යෙපල විභාගයේ දෙවන ශ්‍රේණියේ සිංහල විභාගයට හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ අදාල විෂය සදහා අපෙක්ෂකයෙතු ලෙස පෙනි සිටි අයෙකු බවට හැටන් ප්‍රදේශයේ ගුරු සංගම් කිහිපයක් විසින් තමන් වෙත කල පැමිණිල්ලක් මත තමන් වහාම ක්‍රියාත්මක වි මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස විභාග කොමසාරිස් වෙත පැමිණිලි කල  බවද ජොශස් ස්ටාලින් මහතා කියා සිටියා.

ඇගයිම් රාජකාරි සදහා යොදවන නිලධාරියෙකු ඔහු විසින්  ඇගයිම් සිදු කරන අදාල විභාගයට අපෙක්ෂකයෙකු වශයෙන් පෙනි සිටිය හොත් එම අපෙක්ෂකයාට එම විභාගයේ ඇගයිම් රාජකාරි කටයුතු සදහා පෙනි සිටිමට නොහැකි බව   විභාග කොමසාරිවරයා  විසින්  පිලිගත් බවද ජොශප් ස්ටාලින් මහතා කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

120 views
Main News