සමාව ඉවරයි… මුව ආවරණ නැති අය උස්සා පොලිස් බසයට දමාගෙන යයි…

May 7, 2021 at 2:15 am | lanka C news
සමාව ඉවරයි… මුව ආවරණ නැති අය උස්සා පොලිස් බසයට දමාගෙන යයි…

යාපනය දිස්ත්‍රීක්කයේ පවතින දැඩි කොරෝණා අවධානම පිළිබඳව නොසැලිකිලිමත්ව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

මේ අනුව යාපනය නගරයේ මුක ආවරණ පැළඳ නොසිටීම, සමාජ දුරස්තබාවය තබා නොගැනීම ඇතුලු නිරෝධායන නීති කඩ කල පුද්ගලයින් 30 දෙනෙකු පමණ පොලිස් භාරයට ගැනීමට යාපනය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

පොලිස් භරයට ගත් නිරෝධායන නීති කඩකරන්නන් සියලු දෙනාට පළමු අවස්ථාව බැවින් යාපනය පොලීසිය විසින් දැඩි සේ අවවාද කොට නැවතත් නිරෝධායන නීති කඩකරන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කොට අධිකරණයට ඉදිරිපත් කරන බවටද දැනුම් දෙනු ලැබීය.

මේ වන විට යාපනය දිස්ත්‍රීක්කයේ කොඩිකාමම් උතුර හා මධ්‍යම ග්‍රාමසේවාවසම් කොරෝණා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කොට ඇති අතර නිරෝදායන නීති දැඩි කිරීමට පොලීසි හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,005 views

6 Comments to “සමාව ඉවරයි… මුව ආවරණ නැති අය උස්සා පොලිස් බසයට දමාගෙන යයි…”

  1. HR Demis says:

    Police Abductions, Police Brutality, Excessive Force = Human Rights Violations

    • kk says:

      මසක් නැතිව කොවිඩ් බෝකරන එක ලොකුම මානව අයිතිවාසිකම් කඩකිරීමක්. ඒ නිසා පොලිසිය මානව අයිතිවාසිකම් ආරක්ෂා කල එකකට හොඳ උදාහරණයක් මේක.

  2. කළුපාලම says:

    ගම්පහ හිඟන අය ගැන කිසි කෙනෙක් බලන්නෙ නෑ. ස්ටේෂන් එක උස්සරහා ඉන්නවා මාස්ක් නැතිව. ටවුන් එකේ එහෙ මෙහෙ යන නාකි හිඟන මිනිස්සු ඉහිප දෙනෙක් ඉන්නවා. මාස්ක් දාගන්න කීවම කුණුහරුපෙන් බනින , අතේ තියෙන දේවල් වලින් ගහන්න හදන. ඒ අය හරහා මේ වසංගතය පහසුවෙන් පැතිරෙන්න පුළුවනි

    • RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

      Mama RAJANGANE ekalata 1 Billion මාස්ක් beduwa.
      GAMPAHA elalata tawa onada?

      Malli Ada hawasata set wemuda oyagane Gal bottles 2 genda

    • Isuru says:

      Easiest way to get rid of them is to let them continue as is

  3. Priyantha says:

    Gamini ලොකුගේ ඇමැති තුමාත්….මාස්ක් නැතිව..ආරක්ෂකයෝ වට කරන් හිටියා…ඒවත් නවත්වන්න..

Main News