සමුපකාර ඡන්ද දමන්නේ මහජනතාව නොවෙයි… ඒ ප්‍රතිඵල ගැන කලබල විය යුතු නෑ.. ජනතාව රනිල්-මෛත‍්‍රී සමගයි..

October 3, 2016 at 3:50 pm | lanka C news
සමුපකාර ඡන්ද දමන්නේ මහජනතාව නොවෙයි… ඒ ප්‍රතිඵල ගැන කලබල විය යුතු නෑ.. ජනතාව රනිල්-මෛත‍්‍රී සමගයි..

සමුපකාර ඡන්ද ප්‍රතිඵල මත සමස්ත මහජනතාවගේ මතය කුමක්දැයි තීරණය කළ නොහැකි බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

මේ හේතුවෙන් සමුපකාර ඡන්ද ප්‍රතිඵල මත දේශපාලන අනාවැකි පැවසීම තාර්කික නොවන බවද ඔහු පෙන්වා දෙයි. නුගේගොඩ ගංගොඩවිල දිසා අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් අවධාරණය කළේ බහුතර ජනමතය තවදුරටත් ජනපති – අගමැති ප්‍රමුඛ වත්මන් රජයට හිමිව තිබෙන බවයි.

2005 වර්ෂයේ මාර්තු මස 03 වැනිදා තමන්ට අපහාසයක් සිදු කළ බවට පවසමින් තිලංග සුමතිපාල මහතා අර්ජුන රණතුංග මහතාට එරෙහිව ගොනුකළ නඩුව අද යළිත් විභාගයට ගැනිණ. ඒ නුගේගොඩ දිසා අධිකරණයේ දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේදීයි. අමාත්‍ය අර්ජුන රණතුංග වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ අතුල බණ්ඩාරහේරත් මහතා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, තිලංග සුමතිපාල මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත් නීතිඥවරුන් පමණක් පෙනී සිටි බවත්ය. කෙසේ නමුත් විත්තිය වෙනුවෙන් අධිකරණය හමුවේ තම පාර්ශ්වයෙන් කරුණු දක්වමින් සාක්ෂි සටහන්හි නිවැරදි කිරීම් සිදු කළ බවද අධිනීතිඥ අතුල බණ්ඩාරහේරත් මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ තමන්ට ඇමතිකමක් තිබුණත් නැතත් නීතියට සැමදා ගරු කරන බවයි. ජනපති – අගමැති සුසංයෝගයෙන් ඇති වූ වෙනස ආරක්ෂා කර ගැනීමට තමන් කැපවී ක්‍රියා කරන බවය.

‘සමුපකාර ඡන්දය මේ රටේ මහ ජනතාවගේ ඡන්දයක් නෙවෙයි. එයින් අපිට මහජන මතය මනින්න බැහැ. අනිත් කරුණ එයින් නියෝජනය වන්නේ හිටපු ජනාධිපතිතුමා සමඟ සිටි කණ්ඩායම්. ඒ නිසා එහි ප්‍රතිඵලය ගැන එතරම් කලබල විය යුතු නැහැ. අද මේ රට සෑම අතින්ම දියුණුව කරා යමින් සිටිනවා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව ලෝකයේ සියලුම රටවල් අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කර තිබෙනවා. එතුමන්ලාට ලෝකයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. පක්ෂ කැඩිලා, බෙදිලා, ගහගෙන, මරාගෙන, ගිනි තියාගෙන දේශපාලනය කළ කාලය අද වෙනස් වෙලා. අද ප්‍රධාන පක්ෂ දෙක එකතු වී සිටිනවා. මෙය අපි ලෝකයටම ලබාදුන් ආදර්ශයක්. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයින් දෙදෙනා තමාගේ අවශ්‍යතාවයට වඩා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා. අද අපි නීතිය අතට අරගෙන නැහැ. නමුත් පසුගියකාලයේ නීතිය අතට අරගෙන ඒ කාලේ අයට අවශ්‍ය විදියට නීතිය ක්‍රියාත්මක කළා. අද එහෙම තත්ත්වයක් නැහැ. නීතියට අනුකූලවයි ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, අපේ ආණ්ඩුවත් ක්‍රියාත්මක වෙන්නේ.’

– තමීර මංජු

38 views

12 Comments to “සමුපකාර ඡන්ද දමන්නේ මහජනතාව නොවෙයි… ඒ ප්‍රතිඵල ගැන කලබල විය යුතු නෑ.. ජනතාව රනිල්-මෛත‍්‍රී සමගයි..”

  1. rps says:

    munta minissu andura ganna beri tharamata mole kachal wela wagene aiyo salli

  2. කඳමිස හිස නැත ගොනාගේ අම්මගෙන් පේන අහනවා වගේ මේ බුරුවත් කටට එන ඕනම දෙයක් වෙලෙවිදානේ වගේ අතැරල දමනවා?

Main News