සමුපකාර සමිතිවල සාමාජිකයන් අසූ ලක්‍ෂයක් – සමුපකාර ඇමති කියයි..

April 23, 2017 at 5:30 pm | lanka C news
සමුපකාර සමිතිවල සාමාජිකයන් අසූ ලක්‍ෂයක් – සමුපකාර ඇමති කියයි..

රජය සහ සමූපකාර ව්‍යාපාරය එක්ව වැඩ කරනවානම් අපිට රටක් ජාතියක් ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් යොමු කළ හැකි වනවා. ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවක දී ම සමූපකාර ව්‍යාපාරය ජනතාව නගා සිටුවන්නත් ආර්ථිකය හා ව්‍යාපාරික ක්ෂේත්‍රය ස්ථාවරව තබාගන්නත් විශාල මෙහෙවරක් කළා. එමගින් ස්ථිරසර සංවර්ධන අරමුණු ඔස්සේ මහජනතාවට උපකාර කළ හැකි වුණා.“ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා වියට්නාමයේ හැනෝයි නුවර පැවැති සමූපකාර ක්ෂේත්‍රයේ නියෝජිත සමුළුව අමතමින් කියා සිටියේය.

මෙම සමුළුව අප්‍රේල් මස 18 දා සිට 21 වැනි දා දක්වා වියට්නාමයේ දී පැවැත්විණි. ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගැනීමට රජයසහ සමූපකාර ව්‍යාපාරය අතර සබඳතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ තේමාව වී තිබිණි.

අමාත්‍යවරයා එහි දී සමුළුව අමතමින් මෙසේ ද කීවේය.

‘‘ශ්‍රී ලංකාවේ සමූපකාර අමාත්‍යවරයා ලෙස මා කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ දැන් වර්තමානය වනවිට ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් සැකසීමේ අවසාන අදියර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය ඉතාමත් කාලෝචිත අවස්ථාවක්. අපේ රටේ පළමු සමූපකාර සමිතිය ආරම්භ වූයේ 1906 දී මධ්‍යම පළාතේ දී. දශක ගණනාවක් පුරා සමාජ හා දේශපාලනික වෙනස්කම් සමග වර්තමානය වනවිට සමූපකාර ක්ෂේත්‍රය තවදුරටත් විකාශනය වූ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. මා කැමතියි මේ අවස්ථාවේ සඳහන් කිරීමට ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සැකසීම මගේ ප්‍රධාන වගකීමක් වන බවටත් අපි සියලු දෙනා පළාත් අමාත්‍යවරු සමූපකාර දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය මට්ටමේ සමූපකාර සේවා නියුක්තිකයන් මෙය සාක්ෂාත් කරගැනීමට උර දෙනවා. වර්තමානය වනවිට දකුණු ආසියාතික රටවල සංවර්ධන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වන්නේ ස්ත්‍රී පුරුෂ බාවයයි. අපිට පුළුවන් කාන්තා බලගැන්වීම් වැඩසටහන් සමූපකාර ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරවන්න. එවිට අප බලාපොරොත්තු වන ස්ථිරසාර අරමුණු කරා ළඟා විය හැකියි.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය කෘෂිකර්මාන්තය, පාරිභෝගික නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, කර්මාන්ත මූළ්‍ය කාන්තා හා තරුණ කොටස් අතර ක්‍රියාකාරී වනවා. මේ සියල්ලට ම ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟාකිරීම සඳහා උදව් ලබාගත හැකියි. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ උදව් උපකාර ඇතිව මගේ අමාත්‍යාංශය උත්සාහ කරනවා ශ්‍රී ලංකාවේ ප%ථම සමූපකාර පනත මගින් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන සමූපකාර 14,500ක් එකම පනතක් ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කරලීමට.

එමගින් ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපරය මගින් ස්ථිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීමට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය මිලියන 21 පමණ වනවා. මෙයින් මිලියන අටක් පමණ ජනතාව රටේ කුමන හෝ සමූපකාර සංවිධානයක සාමාජිකයකු වනවා. එම නිසා මට සැකයක් නැහැ අද අපි මේ සමුළුවෙන් ලබාගන්නා අත්දැකීම් හෙට දිනයේ ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රය වඩාත් දියුණු කරන්නට මහෝපකාරී වේවි කියා.

– සජීව විජේවීර

23 views

8 Comments to “සමුපකාර සමිතිවල සාමාජිකයන් අසූ ලක්‍ෂයක් – සමුපකාර ඇමති කියයි..”

  1. බන්ඩය්යා says:

    මෙතෙක් තියපු සෑම සමූපකාර චන්දයකින්ම පාහේ රනිල සහ සිරාගෙ පක්ෂ පරාදය්. සමූපකාර චන්ද වලින් දිනුවෙ ඒකාබද්ධ විපක්‍ෂය බව අැමතියට අමතක වෙලා

  2. sinha le says:

    මේ බඩුවල හලාල් සහතිකය තියනවනම් ගන්න එපා

  3. White Shark says:

    A nice speech. Who prepared it?

    I like the concept. The Local Cooperatives know the needs of the population more than any other local body.

    Over 100 countries have Co-ops. The wide range of success in social, economic and cultural aspects of the Co-op Movement is due to its active participation of the community.

    A national policy on Co-op Movement is a must.

    I wish you all the best in your great efforts to revive and stregthen the Co-op Movement in Sri Lanka, Mr. Minister.

    • sara says:

      Black Shark, It is clear which side you belong to.

      • White Shark says:

        Sara

        ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි, හොඳ දේට හොඳ කියන්නයි, හිතට එකඟව කතා කරන්නයි, රටට ආදරේ කරන්නයි මට කාගේවත් අවසර ඕනේ නැහැ.

        මම ඉන්නේ විමල්ගේ “දේශප්‍රේමී කඳවුරේ”. මේ ඉහත කියපු හැම එකටම මට විමල්ගෙන් කිසි බාධාවක් නැහැ. අනිත් එවුන්ගෙන් මට වැඩක් නැහැ. කවදාවත් වැඩක් තිබුනෙත් නැහැ. මම මහින්ද ගැන කතා කලේ විමල් නිසා මිසක් මට ඇති ඕනේ කමක් නිසා නෙමෙයි. මට දේශපාලකයන්ගෙන් කිසි වැඩක් නැහැ.

        2015 පෙබරවාරි 18 ඉඳන් අද වෙනකම් මම ඉන්නේ විමල් එක්ක. අනාගතෙත් එහෙමයි. මට මගෙ රට ගැන target එකක් තියෙනවා. මම වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.

        Black Shark? කළු පාට මගේ පාට නෙමෙයි. මගෙ පාට සීමා මායිම් නැති, ඉමක් කොනක් නොපෙනෙන, නිදහස්, හුදකලා, නිල් අහසයි, මහ මුහුදයි.

  4. sinha le says:

    හලාල් සහතික කළ ආහාර සෞඛ්‍ය සම්පන්න බවට ඔප්පු කිරීමට කිසිඳු විද්‍යාත්මක පදනමක් නො මැත.

  5. sinha le says:

    ඔබ බෞද්ධයෙක් වුවත්, හින්දුවෙක්, කතෝලිකයෙක් හෝ ක්‍රිස්තියානියෙක් වුවත් ඔබේ ආගමික අයිතීන් උදෙසා හැකි සෑම තැනක දී ම භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීමේ දී හලාල් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන්න.
    බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට හලාල් පූජා කිරීමෙන් වළකින්න. සෑම විහාරස්ථානයකමත්, සෑම වෙළඳසැලකමත්, ව්‍යාපාරික ස්ථානයන්හිත්, ප්‍රසිද්ධ ස්ථානයන්හිත් හලාල් වර්ජනය කිරීමට බැනරයක් හෝ දැන්වීමක් යොදන්න. ව්‍යාපාරික ස්ථානයන්හි හලාල් නො මැති බව ප්‍රදර්ශනය කරන්න.

    මෙම සමාජ බෙදුම්වාදයට එරෙහි ව සටන් කිරීම ජාතිවාදයක් නො වන බව අප හඳුනා ගත යුතු ය. එය බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට එරෙහි ව ජාතිය ගොඩ නැඟීමට දරන ප්‍රයත්නයක් බව වටහා ගත යුතු ය. එහෙයින්, කිසිඳු විටෙක කිසිවෙකුත් වෛරය, ජාතිවාදය හෝ මූලධර්මවාදය පැතිරවීමට මෙම හලාල් විරෝධය යොදා නො ගැනීමට වගබලා ගත යුතු ය. අපි අන්තවාදයට විරුද්ධ වෙමු.

    • සින්න-තම්බි says:

      ඔබ මෙතෙක් නොදත් දෙයක් මෙන්න….
      ලෝකයේ එකම ආගම දරුවෙකු බිහිවෙලා රතු “ලේ “දකින්න ඕනි ආගම!
      ඒ “”සුන්නත්”” කිරීමය!! අනිත් සෑම ආගමක්ම කියා දෙන්නේ අවිහිංසාවය !
      එදා පටන් රතු ලෙය දුවන්නේ මොකාගේ ඇඟේඳ එය ගලා යනතුරු මොවුනට ඉස්පාසුවක් නැත!

Main News