සමූහ මිණීවලේ කැනීම් අරඹන්නැයි ධිකරණයෙන් නියෝගයක්…
February 27, 2022 at 6:20 pm | lanka C news
මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු නවතා එය වසා දැමීමට මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය බලරහිත කරමින් එහි කැනීම කටයුතු නැවත ආරම්භ කරන ලෙසට වවුනියාව මහාධිකරණය නියෝග කරනු ලැබීය.
මන්නරම් ස්වේච්ඡා සංවිධාන දෙකක් විසින් මන්නාරම් මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගය පිළිගත නොහැකි බව පවසමින් සමූහ මිණීවලේ ඇටසැකිලි හඳුනාගෙන මිය ගිය අයට සාධාරණයක් කරන ලෙස ඉල්ලා වව්නියාව මහාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා විසින් අදාල නියෝගය ලබා දෙන ලදි.
මන්නාරම් සමූහ මිණිවලේ නැවත කැනීම ආරම්භ කරන දිනය නම් කොට නැති අතර එම දිනය මන්නාරම් අධිකරණයෙන් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත්කරනු ඇති බවට වව්නියාව මහාධිකරණයෙන් දැනුම් දෙනු ලැබීය.
මන්නාරම් සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයක කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පල හය සම්බන්ධ වාර්තාව ඇමරිකාවේ ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී ගියේ අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය විය.
සමූහ මිනිවළ තුළින් 2019 මාර්තු 08 වැනිදා වන විට දින 156 ක කාලයක් කැනීම් පැවැත්වු අතර, එම කාලය අතරතුර මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 ක අස්ථි කොටස් මතුකර කරගෙන තිබිණු අතර මතුකරගත් සිරුරු තුළින් පූර්ණ මිනිස් සිරුරු 330 කට අයත් අස්ථි කොටස් සොයා ගැනුනි, ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවද වාර්ථා විය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2017 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Purthugeesi kaarayangen thamai ahanna ona
Drama. Geneva joke around the corner. Some are getting dressed to dance.