‘සමෘද්ධිය’ ජන ඉසුර කරන බව කීම වැරදියි.. මුදල් ඇමති කියන දේවල් තේරුනේ නෑ..
November 11, 2016 at 4:40 pm | lanka C news
සමෘද්ධි ව්‍යාපාරය “ ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා වලදී ප්‍රකාශ වූ බව මාධ්‍ය විසින් කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිතුමන් විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත දුප්පත් කම තුරන්කිරීමේ වැඩ සටහන ජන ඉසුර ලෙස නම් කළ යුතු බව යෝජනා වූ බවත්, එහෙත් මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ අයවැය කථාවේදී මෙම කාරණය නිසි පරිදි සන්නිවේදනය නොවූ බවද අමාත්‍ය දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එබැවින් “ සමෘද්ධිය ”ජන ඉසුර ලෙස නම් කළ බව පැවසීම සාවද්‍ය කාරණයක් බව ඇමැතිවරයා අවධාරනය කරයි.
දැනට දිවිනැගුම ලෙස භාවිතා කරන වචනය සමෘද්ධිය ලෙස වෙනස් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, මේ වන විට එය නීති කෙටුම් පත් දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, සමෘද්ධි ව්‍යාපාරය ඉදිරියේදී එලෙසම නීත්‍යාකූලව හඳුන්වන බවත් ඇමැතිවරයා සඳහන් කර සිටී.
– සංජය දසනායක