සමෘද්ධි ආධාර මුදල් නීති විරෝධීයි.. ඒවා ආපසු සමෘධිලාභීන්ගෙන් අයකර ගන්නවා..

February 26, 2017 at 10:00 am | lanka C news
සමෘද්ධි ආධාර මුදල් නීති විරෝධීයි.. ඒවා ආපසු සමෘධිලාභීන්ගෙන් අයකර ගන්නවා..

පසුගිය ජනාධිපතිවරණ කාලයේදී සමෘද්ධිලාභීන්ට ලබා දුන් රුපියල් 2500ක සහනාධාරය නීතිවිරෝධී බවත් එම මුදල් නැවත සමෘද්ධිලාභීන්ගෙන් යළි අයකරගන්නා බවත් ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම මුදල් ආධාර බෙදීම පැවති රජය විසින් දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සිදු කර ඇති බවයි.

මෙම අධාරය සදහා සමෘද්ධී අරමුදලෙන් රුපියල් බිලියන හතක් වැය කර ඇතැයිද ඔහු පැවසීය.

මෙම මුදල් නැවත අයකිරීම සමෘද්ධිලාභීන්ට රිදීමක් නොවන ලෙස ක‍්‍රමානුකූලව සිදු කරන බවද ඇමැතිවරයා කීය.

34 views
Main News