සමෘද්ධි උත්සව දෙකට වියදම කෝටියයි.. නිලධාරීන්ට විස්කි බොන්නත් සමෘද්ධියෙන් මුදල්..
March 22, 2019 at 2:10 pm | lanka C news
සමෘද්දී හිමිකම් පත් බෙදාදීම වෙනුවෙන් පසුගියදා මාතලේ සහ පොළොන්නරුවේ පැවති උත්සව දෙකකට රුපියල් කෝටියකට වැඩි මුදලක් වියදම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ ‘සිප්දොර’ ශිෂ්‍යත්ව ප්‍රධානයට ගිය නිලධාරීන් පිරිසක් විස්කි බීමටද අමාත්‍යාංශයේ මුදල් ලබාගෙන තිබෙන බවයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.