සමෘද්ධි දෙන උත්සවයට කෝටි 30ක්.. උත්සව වේදිකාවට පමණක් ලක්‍ෂ 42ක්…

May 28, 2019 at 4:40 pm | lanka C news
සමෘද්ධි දෙන උත්සවයට කෝටි 30ක්.. උත්සව වේදිකාවට පමණක් ලක්‍ෂ 42ක්…

අනිද්දා දිනයෙන් ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් වැය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරයි.

මුලින් මේ සඳහා වෙන් කර තිබුණේ මේ මිලියන 180ක් වුවත් පසුව නැවතත් සමෘද්ධි අරමුදලෙන් තවත් රුපියල් මිලියන 120ක් වෙන් කර ඇති බවද ඒ අනුව මුළු මුළු වියදම රුපියල් මිලියන 300 ක් දක්වා ඉහළ දමා ඇතැයිද ඔහු කියා සිටියේය.

එන 30 වැනිදා අම්පාරේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන බවත් ඉන්පසුව දිස්ත්‍රික්ක 25 ක සමගාමී උත්සව පැවැත්වීමටත් කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.

උත්සවයක වේදිකාවට පමණක් රුපියල් ලක්ෂ 42 බැගින් වෙන් කර ඇති බව ද ඔහු චෝදනා කරයි.

මෙම උත්සව වල එකම අරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කිරීම පමණක් යැයිද ඔහු කියා සිටී.

34 views

7 Comments to “සමෘද්ධි දෙන උත්සවයට කෝටි 30ක්.. උත්සව වේදිකාවට පමණක් ලක්‍ෂ 42ක්…”

  1. විස්කි මැඩම් says:

    රටකට ඕනෑ අපමණ අගයක්…………
    UNP + JVP + පොදු අපේක්ෂක = අපමණ අගය

  2. Upul says:

    These unnecessary spending spree of public money by any Govt., should be stopped immediately. These spending habits will drag the country to a deep unstable situation which will be irrecoverable. Aren’t there any sensible politician to see these types of damages and stop them?

  3. ajith says:

    Why is Government celebrating the increase of poor people by 6 lax?

  4. Plato says:

    This is what the JVP wanted and this government was installed by them as well.

  5. ආ මේ විජිත මහත්තයනෙ. කාලෙකට පස්සෙ මහ සොයගැනීමක් කරල වගේ. මිනිස්සුන්ට ඔහොම මඩ ගහන්න එපා. විශේෂයෙන්ම මහත්හොරුන්ට.

    කවුද කොන්ත්‍රාත් එක දුන්නේ පොහොට්ටුවෙන්ද ? උමබලමනෙ යකෝ මුන් එලවල දාපු වෙලාවෙ අනේ මුන් හොදයි හොදයි කියල උඩ පැන පැන තියාගත්තෙ. දැන් ………….ද කියවන්නෙ. ඔන්න ඔහෙ උබලෑ අණුර ලොක්ක වගේ ගොට්ට අල්ලගෙන හිටපන් බන් අපිට පව් දෙන්නෙ නැතුව.

  6. Sadu Banda says:

    The poor Tax payers having right see how their money allocated funds and that spend by UNP’s Primer, President and Ministers and Ex- President of CBK also New UNP leader since 15/1/8.

  7. Gul siri Lal says:

    Herath of (Yataha ) Vijtha can join UNP members of Parliament by crossing to govt. bench as majority to give to UNP !

Main News