පඩි වැඩි කරයි.. විදුලි සේවක වර්ජනය අවසන්..
September 21, 2017 at 8:02 am | lanka C news
කම්කරු ඇමති ජෝන් සෙනෙවෙරතින් සමග ඊයේ පැවති සාකච්චාවෙන් පසු ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් සිය වැඩ වර්ජනය අතහැර දමා තිබේ.
විදුලි සේවකයින්ගේ වැටුප් වැඩකිරීමට රජය එකග වීමත් සමග මෙම වැඩ වර්ජනය අවසන් කර ඇති අතර පසුගිය ජනවාරි මාසයේ සිට ක්රියාත්මක වන ලෙස වැටුප් වැඩිකිරීමට එකග වී ඇත.
විදුලි අධිකාරීවරුන් හා පාලක මැදිරි ක්රියාකාරුවන්ට 13%කින්, අර්ධ පුහුණු කම්කරුවන්ට 8%කින්, ඉංජිනේරු නොවන සේවාවන්ට 10%ක් දීමනාවක් ලෙස වැටුප් වැඩකිරීම් ඒ අනුව ලැබීමට නියමිතය.
වර්ජනයේ නිරත වූ සේවකයන්ට කිසිදු විනය ක්රියාමාර්ගයක් නොගන්නනා බවටද රජය එකග වී ඇත.