සමෘද්ධි ව්‍යපාරය අති අසාර්ථක ව්‍යපාරයක්… සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම..- අලුත් ආණ්ඩුකාර කියයි..

June 29, 2019 at 8:40 am | lanka C news
සමෘද්ධි ව්‍යපාරය අති අසාර්ථක ව්‍යපාරයක්… සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම..- අලුත් ආණ්ඩුකාර කියයි..

තර්කානුකූලව ගත් විට සමෘද්ධි ව්‍යපාරය කියන්නෙ අති අසාර්ථක ව්‍යපාරයක් බවත් තමන්ට බලය තියෙනවානමි සමෘද්ධි ව්‍යපාරය අහෝසි කරන බවත් සබරගමු පලාත් ආණ්ඩුකාර ධමිම දිසානායක මහතා බලංගොඩ දි පැවැසිය.

දිලිදුකම පිටු දැකිමට අදාලව සමෘද්ධි නිළධාරීන්ට රැකියාවක් ලැබුණුම එම නිළධාරීන්ගේ දිලිදුකම නැති වෙන බවත් විශාල ප්‍රමානයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳු කමද නැති වන බවද ධමිම දිසානායක මහතා කිය.

සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම බවට එක්තරා කාලයක පසුගිය ආණ්ඩුවක එක අැමතිවක් කියු බව ඒ මහතා පැවැසිය.

අපේ ව්‍යපෘතිය විය යුත්තේ දුප්පත් කම අඩු කරන මැෂින් හදන එක බව වැඩිදුරටත් හෙතෙම කිය .

ඒ මහතා මෙ බව පැවැසුවෙ බලන්ගොඩ ප්‍රදේශිය සභාවේ නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබිම අවස්ථාවවට එක් වෙමින්ණි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

148 views

13 Comments to “සමෘද්ධි ව්‍යපාරය අති අසාර්ථක ව්‍යපාරයක්… සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම..- අලුත් ආණ්ඩුකාර කියයි..”

  1. Kings says:

    ඔබතුමා හරියට හරි. ඔබතුමා වගේ උගත් අයට තේරුනාට අපේ රටේ ඉන්න දේස්ජපාලුවන්ට මේක ඡන්ද මැෂිමක් විතරයි. අපේ රටේ මිනිස්සුත් නිකන් දැනව නං ගන්නවනෙ. දැන් ඔය සමුර්ධිය අවු. 20 කට වැඩි කාලයක් දෙනවනෙ. අලවෙනි සමුර්ධිය ගත්තු කෙනාවත් සමුර්ධිමත් වෙල තියනවද? ඒ මනුස්සය තවමත් සමුර්ධිය ගන්නව ඇති. ගන්නෙ නැතිනං එයා අනිත් පක්ෂෙ වෙන්න ඇති. අනේ මෙහෙමත් රටක්. කවදා හැදෙයිද?

    • දේවක says:

      ධම්ම කියන පුද්ගලයාත් දැන් මේ පිටරටින් ණයට අරන් කන මජර සිස්ටම් එකේම නායකයෙක්.

    • මැදමුලනෙ මුත්තා says:

      සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථක නමි ධමිම දිසානායක ශ්‍රීලංකාවෙි දිළිඳුකම තුරන්කිරීම සඳහා ඉදිරිපත්කරන විකල්ප වැඩපිළිවෙල කුමක්ද? විවෙිචනය සමග විකල්පයන්ද ඉදිරිපත් කළ යුතුයි. ධමිම දිසානායක විශ්ව විද්‍යාල ගුරෙක් වූ පමණින් න්‍යායාත්මක මිස ප්‍රායෝගික සමාජ අවබෝධයක් නැහැ. මෙවැනි පුබිබරැවන් ආණ්ඩුකාරවරැන් හැටියට පත්කිරීම වරදක්.
      අන්තර්ජාලයේ සැරිසරා එහෙන් මෙහෙන් කෑලි එකතුකර පත්තරයට ලිපි ලිවූ පමණින් සාර්ථක පාලකයෙකු විය නොහැකියි. මෛත්‍රීපාල ජනාධිපති පත්කළ සියළු ආණ්ඩුකාවරැන් හිස් පඹයින්. මොහු උදේ සිට රෑවෙනතුරැ ශ්‍රීලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරමින් සිටිනවා. ශිරාල් ලක්තිලකට ගොටිට අල්ලල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකියි. ආණ්ඩුකාරයෙක් කළයුතු නොකළ

    • මැදමුලනෙ මුත්තා says:

      සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථක නමි ධමිම දිසානායක ශ්‍රීලංකාවෙි දිළිඳුකම තුරන්කිරීම සඳහා ඉදිරිපත්කරන විකල්ප වැඩපිළිවෙල කුමක්ද? විවෙිචනය සමග විකල්පයන්ද ඉදිරිපත් කළ යුතුයි. ධමිම දිසානායක විශ්ව විද්‍යාල ගුරෙක් වූ පමණින් න්‍යායාත්මක මිස ප්‍රායෝගික සමාජ අවබෝධයක් නැහැ. මෙවැනි පුබිබරැවන් ආණ්ඩුකාරවරැන් හැටියට පත්කිරීම වරදක්.
      අන්තර්ජාලයේ සැරිසරා එහෙන් මෙහෙන් කෑලි එකතුකර පත්තරයට ලිපි ලිවූ පමණින් සාර්ථක පාලකයෙකු විය නොහැකියි. මෛත්‍රීපාල ජනාධිපති පත්කළ සියළු ආණ්ඩුකාවරැන් හිස් පඹයින්. මොහු උදේ සිට රෑවෙනතුරැ ශ්‍රීලංකා නිදහස් පක්ෂ දේශපාලනය කරමින් සිටිනවා. ශිරාල් ලක්තිලකට ගොටිට අල්ලල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකියි. ආණ්ඩුකාරයෙක් කළයුතු නොකළයුතු දේ දැනගෙන වැඩ කළොත් හොඳයි.
      නැත්නමි කොළඹ විශ්ව විද්‍යාලයේ දාපු සෙල්ලමි පවා එලියට එන්න පුළුවන්

  2. ON THE SPOT says:

    මේ වගේ ළඟ නමන පුත්තු තමයි රටට ඕනෙ.
    මුළු රටම නිෂ්පාදනයක් නොමැති සහනාධාර පුරයක්?
    අනාගතය ණය කන්දක්?
    වැඩ බැරි සිඟමන් යදින ජනතාවක්?
    වහල් මානසික ජන සමූහයක්?
    මෙතුමගෙ මෑණියන් වහන්සෙ මේ වගේම තව පුතුන් දෙතුන් දෙනෙක් බිහි කලා නම් අපේ රටට??????????????

    • කසිකබලා says:

      Comment එකක් දමන්න කලින් කියල තියන දේ වගේම, ඒ මනුස්සය කියපු දේ මොකක්ද කියල හරියට තේරුම් ගන්න. එහෙම බැරිනම් comment නොකර ඉන්න. ඔබ තුමාගේ මෑණියන් වහන්සෙ වගේ උදවිය ඔබ තුමා වගේ උදවිය අය බිහිකරපු නිසයි මේ රටට මේ වින්නැහිය.

      • ON THE SPOT says:

        කසිකබලා නමින් මෙහි ලියන්නේ ධම්ම දිසානායකගේ සොයුරෙක් විය හැකිය​.(විශාල ප්‍රමානයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳු කමද නැති වන බවද ධමිම දිසානායක මහතා කිය.)ඔබ තුමාගේ මෑණියන් වහන්සෙ වගේ උදවිය ඔබ තුමා වගේ උදවිය අය බිහිකරපු නිසයි මේ රටට මේ වින්නැහිය.

      • ON THE SPOT says:

        කසිකබලා නමින් මෙහි ලියන්නේ ධම්ම දිසානායකගේ සොයුරෙක් විය හැකිය​.(විශාල ප්‍රමානයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳු කමද නැති වන බවද ධමිම දිසානායක මහතා කිය.)ඔබ තුමාගේ මෑණියන් වහන්සෙ වගේ උදවිය ඔබ තුමා වගේ උදවිය අය බිහිකරපු නිසයි මේ රටට මේ වින්නැහිය.

  3. සබරගමු නිළමෙි says:

    සමෘද්ධි ව්‍යාපාරය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හඳුන්වා දුන් ” ජනසවිය” ව්‍යාපෘතියේ පිටපතක්. මුලින්ම ශ්‍රීලංකාවෙි එවැනි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කළේ ඔහුයි. ඔහු එය දේශපාලන වැඩ සටහනක් බවට පත්කළේ නැහැ.
    චන්ද්‍රිකාගෙ පාලනයේ සිට එය දේශපාලනීයකරණයට ලක්උනා. එස්බී දිසානායක එය ඡන්ද මැෂිමක් බව කීවා. ඔවුන්ගේ පක්ෂයේ ඇති හැකි එවුන්ට ජනසවිය ලැබුනා. නැතිඑකා හිඟා කෑවා.
    ධමිම දිසානායක සබරගමුවට පත්වූ දුර්වලම, අලස ආණ්ඩුකාරයෙක්. කාර්යාලයට පැමිණීමත් ඉතාම අඩුයි. පටිට බොරැකාරයෙක්. වැඩමුළු, සාකචිඡා සහ ප්‍රචාරයට කැමති වැඩ නොකරන, රජයේ වරප්‍රසාද බුක්ති විඳින කෙනෙක් පමණයි. ලබන ජනාධිපතිවරණයෙන් පසු ගෙදර යන්න පුළුවන්.

    • Upali says:

      නිලමෙි, ඔබ හරි මම මෙි ගැන බොහෝ අවස්තාවන්හී කතා කලා. හිටපු ජනපතිගේ ජනසවිය නෙවෙී මෙය. අල්ලස් දීමෙන් චන්ද ගොඩ වැඩිකර ගැනීමට සෑදූ අමන සැලසුමක්. බඩගින්නේ මියයන දරැවන් සිටින රටක ඇමති වරැන් පවා කිවෙී — අපේ පක්සෙ උන්ට මෙතෙක් සමුර්දි ලැබුනේ නෑ. ඉතිනන් මෙහෙම අපි දෙනවා ඒක වැරදිද — කියල.

  4. Sanka says:

    Exactly. Started from Janasaviya by Premadasa, now Samurdhi… but poverty has increased. Keep borrowing and giving money to so called poor people.

    They are at the same level from day one.

  5. Sun says:

    Politicians are introducing different way to survive but they don’t think about the people or the country. They want big cars and big roads for them to go round. Bullet roof cars to stay away from people. They cannot face people. Is that democracy. They have to be with the community to see the problems without hiding in bullet proof cars. Unless we change the attitudes of democracy mentality people we cannot develop. All want a share without developing.

  6. සබරගමුවෙ මිත්තනිය says:

    ධම්ම දිසානායක හරි. ආණ්ඩුකාරයා වුණාට පස්සේ ධම්මට තරහකාරයෝ ගොඩයි. හේතුව තමයි සබරගමුව පළාත් සභාවෙ හිටපු හොරුන්ටයි කම්මැලින්ටයි වැලේ වැල් නැති වූණ එක. ඔහොම යමු ආණ්ඩුකාරතුමා.

Main News