සමෘද්ධි සහනාධාර ලබා දීමට මං දැඩි විරුද්දයි..- මෛත‍්‍රී

May 25, 2019 at 5:30 pm | lanka C news
සමෘද්ධි සහනාධාර ලබා දීමට මං දැඩි විරුද්දයි..- මෛත‍්‍රී

සමෘද්ධි සහනාධාර ලබා දිම පිලිබදව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

මෛත්‍රි ගුණරත්න මහතා එ බැව් කියා සිටියේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න ආණ්ඩුකාරවරයා කියා සිටියේ සමෘද්ධි සහනාධාරය යම් කෙනෙකුට ලබා දෙන්නේ නම් එය එක් වසරක කාල සිමාවක් සදහා ලබා දිය යුතු බවයි.

එම වසර තුල  එම සමෘද්ධි ලාභියාට නැගි සිටිමට නොහැකි නම් එම සමෘද්ධි සහනාධාර ලබාදිම නතර කල යුතු බව ආණ්ඩුකාරවරයා කියා සිටියි.

ජිවිත කාලයමට සහනාධාර ලබාදිම තුලින් රටක් සංවර්ධනය කල නොහැකි බවත්, සමෘද්ධි සහනාධාර සදහා ලබාදෙන මුදල් රටේ සංවර්ධනය සදහා යොද වන්නේ නම් ග්‍රාමිය ජනතාවගේ යටිතල පහසුකම් මිට වඩා සංර්ධනය කල හැකි බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

මේ රටේ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව වැඩ නොකරන රාජ්‍ය ආයතනයක් බවත්, එම රාජ්‍යය  ආයතනය වසා දැමිය යුතු බව ආණ්ඩුකාරවරයා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

28 views

8 Comments to “සමෘද්ධි සහනාධාර ලබා දීමට මං දැඩි විරුද්දයි..- මෛත‍්‍රී”

  1. Open mind says:

    ඔබ නිවැරදි යි. එහෙත් ජනතා බදු මුදලින් ඡන්ද එකතු කරගන්නත් ඕනෑ.

  2. පොරමෝලා says:

    ආණ්ඩුකාර වරු ලෙස පත් කරල තියෙන්නෙ මොලේ මඤ්ඤං වෙච්ච පොරවල් නේ

  3. නිළමේ says:

    සදාකාලික හිඟන රටක් වෙලා තියෙන්නෙත් ඔය නිකමුන් බෝකරන හිඟන සමුර්ධිය තමයි.

  4. Jay says:

    Obathumata thiyena athi dewentha chanda padanama nisa den aanduwa holman wela ethi. Hondatama baya wela ethi.

  5. Gayantha says:

    කතාව නම් ඇත්ත. ඕකට කරන්න තියෙන්නේ එකම දෙයයි.
    කිසිම වැඩක් කල නොහැකි සහ වයසකම පිරිස් හැර අනිත් හැමෝටම එකතරා කාලයකට විතරක් දෙන්න තියෙන්නේ. පලාත් මට්ටමෙන් ඒකකයක් හදලා ඒකේන් රටේ තියෙන පුද්ගලික අන්ශයේ රැකියා පුරප්පාඩු බලලා ඒවට යොමු කරන්න තියෙන්නේ. අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුලත රැකියාවකට හෝ වියාපරයකට යා යුතුයි කියලා ක්‍රමේ ගෙනවා නම් හරි.

    හැබයි ඒට ඉස්සෙල්ලා අර මන්ත්‍රීලාට ගෙනාව 15000 විශ්‍රාමික පින් පඩිය අහෝසි කරනවා.

  6. gadol says:

    සමෘද්ධි සහනාධාර වලටත් අබසරණයි

  7. HORA vs POLICE says:

    අර මෛත්‍රීට වඩා මේ මෛත්‍රී බුද්ධිමත්.ඒත් සමෘද්ධිය නැති කලොත් සමෘද්ධිලාභී සජිත් හාමතේ මැරෙයි.

  8. Ariyathilaka says:

    ආර්ථික සවියක් නැති, ස්ථීර ආදායම් මාර්ගයක් නැති සියලු ජනතාවට ඔවුන්ගේ සුභ සාධනය සදහා රජයෙන් ප්‍රදානයක් නිකුත් කිරීම ඇවැසිමය. දානය , ප්‍රිය වචනය, සමානාත්මතාව, අර්ථ චරියාව, යන බුදුරදුන් විසින් වදාරන ලද සතර සංග්‍රහ වස්තු වල දානය නොමැති නම් කිසිවෙකුටත් ම සතුටින සිටිය නොහැක; රටක ජීවත් වන සියලු දෙනාටම සම්පත් බෙදී යාම සම නොවන විට, විශේෂයෙන් කෘෂි වගා ඉඩම් හෝ ජීවන වියදමට සරිලන රැකියාවක් නොමැති විට තම දරු පවුල ජීවත් කරලීම අසීරු වනවා ඇත. එසේ වූවන්ට තම ආදායම් මාර්ග වැඩි දියුණු වන තෙක් කොපමණ කලක් වුවද රජයෙන් ඔවුන්ගේ දරු පවුලේ පෝෂණය, සුභ සිද්ධිය සදහා ප්‍රදානයන් කළ යුතුය. නැති බැරි අයගේ සෝ සුසුම් පිටවන තාක් රටක් සමාජය දියුණු නොවන බව රටේ පාලකයන් පමණක් නොව පාලිතයන් කල්පනාවට ගත යුතුය. රාජ යන පාලි (සංස්කෘත) වචනය ප්‍රකෘති ස්වභාවය රංජනය යන්නෙන් බිදී එයි. එනම් සතුටු කරන්නා නමි. රට වැසියා රංජනය කරමින් හෙවත් සතුටට පත් රන්නා රජුය. රාජ්‍යයක මුඛ්‍යාර්‍යථය වැසියන් සතුටින් තැබීම ය. රටක සියලු වැසියන් සියලු දෙනාටම එකසේ හැකියාවන් නැත. හැකියාවන් නැති නම් බැරි කමද ඒ සමග බැදී ඇත. හැකි කම ඇති කිරීමත් බැරිකම නැති කීරීමත් රජයක වගකීමය. රජයක් යනු ලාභ උපයන ව්‍යාපායක් හෝ වෙළදාම් පොළක් නොවන බව සියලු වරප්‍රසාද, යාන වාහන උපභෝග පරිභෝග වස්තු සහිතව ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන පාලකයන් සිහි තබා ගැනීමත් එක්සත් ජාතීන්ගේ (ලෝකයේ දිළිඳු ජනතාවගේ) සාගිනි නිවීමේ වැඩපිළිවෙළ පිළිබඳ අර්ථයන් අධ්‍යයන කිරීමත් යහපත් බව ද කිව යුතුය.

Main News