සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි..

November 13, 2021 at 2:10 pm | lanka C news
සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි..

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

61,579 views

18 Comments to “සම සමාජ පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි..”

  1. Sun will rise says:

    If this happened, from that day onwards, the Sun will start to rise from the west

  2. S.Vitharana says:

    20 ට දෙන කොට දෑතම උස්දුසල දුන්න සමසමාජ කාරයන්ට ඔහොම වෙලා මදී. ඇන්. ඇම් ල, කොල්වින්ලා හිටියනන් තමුසෙලාගේ කනෙන් ඇදල එලියට ගන්නේ. අනේ පවු!

  3. Sooraya says:

    සම සමාජ කියලම ඉල්ලන්න තිබුනේ. ජ වි පෙ ට අන්ත වෙයි එහෙනම්. 69 ලක්සෙන් පැන ගත්තට පස්සේ දැන් ලොකු talk. 🤣🤣🤣

  4. 0.00069 BIYYO says:

    හොද තීරණයක් ,ආණ්ඩුවෙන් රට ජාතියට සිදුවන්නේ අවැඩක් නම් එහි රැදී සිටීම මෝඩ කමක්