සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..

February 2, 2017 at 6:48 pm | lanka C news
සයිටම් දොස්තරලාට විරුද්දව රජයේ දොස්තරලා වැඩ වර්ජනයක් කැදවති..

සයිටම් වෛද්‍ය උපාධිය නීතිගත කිරීමට අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව රට ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආණ්ඩුවට මේ සම්බන්ධයෙක් සතියක කාලයක් ලබා දෙන බවත් එම කාලය තුලදී විසදුමක් නොලදහොත් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ගන්නා බවද අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය කියා සිටියේය.

මේ අතර වෛද්‍ය සිසුන්ට අද දිනයේ පොලීසිය විසින් එල්ල කල ප‍්‍රහාරයට විරෝධය පල කරමින් හෙට දිනයේ පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා රට පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවද සංගමය කියා සිටී.

149 views
Main News