සයිටම් දොස්තර උපාධිය රුසියාවෙන් කියා ඇමති SB රටම ඇන්දුවා.. මේ අවුල ඒකයි..

February 4, 2017 at 1:20 pm | lanka C news
සයිටම් දොස්තර උපාධිය රුසියාවෙන් කියා ඇමති SB රටම ඇන්දුවා.. මේ අවුල ඒකයි..

මේ වන විට ඔඩු දුවා ඇති සයිටම් උපාධියේ ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නයට නිසි විසඳුම් ලබා නොදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව දිගින් දිගටම මර්දනයට සැරසුණොත් ඊට එරෙහිව රටම පාරට බැස්සවීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අවධාරණයකර කියා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

‘සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පිළිබඳව පැනනැගී ඇති ගැටළුව හමුවේ හා සිය නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල වී ඇති තර්ජනයට එරෙහිව පාරට බැස්ස වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හා අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය,  ශිෂ්‍යාවන්ට  මෛත‍්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව විසින් එල්ල කළ නින්දිත,තුච්ඡු, මෘග ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකිනවා. මේ ‘මෛත‍්‍රී පාලනය’ ඊයේ බැටන් පොලූ, ජල ප‍්‍රහාරක හා රබර් උණ්ඩ යොදා ගෙන පහර දුන්නේ අපොස (උ.පෙ) විභාගයෙන් ඉහළම ප‍්‍රතිඵල ලබා ගෙන තම හැකියාවෙන් රජයේ විශ්ව විද්‍යාලවලට පැමිණි,. මේ රටේ අනගි දු පුතුන් පිරිසට බව අපි මේ මොහොතේ මතක්කර දෙන්න සූදානම්.

සයිටම් ප‍්‍රශ්නය මේ වන විට ඔඩු දුවා ඇති ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය ඇරඹුණේ එවකට උසස් අධ්‍යාපන ඇමති ධුරය දැරූ එස්.බී. දිසානායක කැබිනට් මණ්ඩලයත් නොමග යවා, කූඨ හා දුෂ්ට ආකාරයට වෛද්‍ය උපාධිය වෙළෙන්දෙකුට විකුණා ලාභ ලබාගැනීමේ ආයතනයක් හදන්න විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබා දීම නිසයි.

එදා මේකට දසතින් විරෝධය එනකොට එස්.බී. දිසානායක පැවැසුවේ කුමක්ද? ‘රුසියානු විශ්ව විදාලයක් සමග එක්වී තමයි මේ ආයතනය එම්.බී.බී.එස්. උපාධිය දෙන්නේ. සායනික නොවන පුහුණුව මේ රටේදි ලබා දෙනවා. සායනික පුහුණුව රුසියානු විශ්ව විද්‍යාලයෙන් දෙනවා. අවසානයේදී උපාධිය ලබා දෙන්නේ රුසියානු විශ්ව විද්‍යාලයෙහි’ කියලයි. ඒ නිසයි, මුල් අවස්ථාවේ මේ සයිටම් ආයතනයට එරෙහිව පැන නැගූණි විරෝධය පහව ගියේ. නමුත් කල් යනකොට කාටත් ඒක අමතකව ගියා පසුව නෙවිල් ප‍්‍රනාන්දුලා SAITM MBBS උපාධිය පිළිගන්න කියලා වෛද්‍ය සභාවෙන් ඉල්ලූවා. පිළිනොගත්තම උසාවි ගියා. වෛද්‍ය ආඥා පනත අනුව මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් සැපිරිය යුතු ප‍්‍රමිතියක් තිබෙනවා. ඒ ප‍්‍රමිතිය සලකා බලන්නේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවයි. සයිටම් ආයතනය එම ප‍්‍රමිතිය සපුරා ගන්නේ නැතිව තමයි, දිගින් දිගටම තම සිසුන්ගේ ලියාපදිංචිය ගන්න ගියේ. නිසි ප‍්‍රමිතිය නැති නිසයි, වෛද්‍ය සභාව එම උපාධිය පිළි නොගත්තේ.

තමන්ගේ ලාභ රේට්ටුව ගැන විතරක් හිතන නෙවිල් ප‍්‍රනාන්දුලා මේ රටේ දෙමාපියන් පිරිසක් රවටලා ඔවුන්ගේ දරුවන්ට ප‍්‍රමිතියෙන් තොර උපාධියක් දීලා තිබෙනවා. මේ පිරිසගේ තුට්ටු දෙක හුරාගෙන කන එක විතරයි මේ අය කළේ. එස්.බී. දිසානායක පොරොන්දු වූ  නෙවිල් ප‍්‍රනාන්දුලා කටයුතු කළානම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඒ අනුව සයිටම් ආයතනයේ ඉගෙන ගන්නා සිසුන්ට ලැබිය යුත්තේ පිළිගත් රුසියානු විශ්ව විද්‍යාලයක උපාධියක්. රුසියානු විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි මේ රටේ වෛද්‍ය සභාව පිළිගන්නවා. නමුත් එම සිසුන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන ACT 16 විභාගය සමත් විය යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුව මේ ප‍්‍රශ්නය විසඳනවා නම් කළ යුත්තේ අද සයිටම් ආයතනයේ ඉගෙන ගන්න සිසුන්ගේ උපාධියේ ප‍්‍රමිතිය රුසියානු විශ්ව විද්‍යාලය සම`ග එක්ව ඉහළ නංවා ගැනීමට ඉඩ සලස්වා ඔවුන්ට ACT 16 විභාගයට ඉදිරිපත් වීමට ඉඩ සැලැස්වීමයි.

මේක තමයි එදා එස්.බී. දිසානායක කියපු දේ. අද මේ ආණ්ඩුව කරනවා නම් කළ යුත්තේ මෙයයි කෙසේ වුවත් අප ඉදිරියේදී සිදුවන බල පෙරළියෙන් පසුව මේ රටේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත වන අන්දමින් මේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා.

ඒ නිසා මේ ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබා නොදී ඊට විසඳුම සරසවි සිසු දඩයම කියලා මේ යහපාලකයෝ හිතනවානම් අපි ඊට එරෙහිව මුළු රටම පාරට බස්සවන්න සූදානම්. එවැනි තත්වයකදී පෙරට එන්න කියා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලැබු සියලූ දෙනාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

76 views

7 Comments to “සයිටම් දොස්තර උපාධිය රුසියාවෙන් කියා ඇමති SB රටම ඇන්දුවා.. මේ අවුල ඒකයි..”

  1. SAMAN says:

    Good suggestion. Must pass act 16 like foreign graduates. can start end number of medical faculties in Sri Lanka, but standard should be there. Otherwise medical negligence will happen.

  2. චන්දන says:

    ACT 16 එකට දාන්න තමයි ඔය කෑගහන් නේ ..මොකද එතකොට dr ලා ගනන පාලනය ක් තියාගන්න පුලුවන් නේ …..

    ඊට වඩා හොද නැද්ද සයිටම් අඩුපාඩු හැදුවා නම් …දැනට ම SLMC එක දාලා තියෙනවා ප්‍රමිතිය …(result ).. රට යන අයත් ඒ ප්‍රමිති සහතිකය ගන්න ඕන .. SLMC එකෙන් . සල්ලි තියෙන ,ප්‍රමිතිය හරි කෙනා රට ගිහින් හරි ඉගෙන ගන්නවා … දෙමාපියන් කැමති තම රටේ ම ලමයි ඉන්නවා නම් . ඇත්ත ඒක නේද ..

    ඒ නිසා සයිටම් එකේ GMOA එක කියනවා වගේ ශික්ෂණ රෝහල් වල ගෙවීමක් කරලා ඉගෙන ගන්න දුන්නා නම් හරි නේ ….

    • Dushantha says:

      ඔයිට වෑඩිය හොඳ නෑද්ද අර මුල් ගල තියලා අවුරුදු ගානක් වෙන සබරගමුව වෛද්‍ය විදයාලය ආරම්බ කලා නන්. එතකොට ඈත්තටම එක ලකුනක් අඩුවෙන් ගන්න ලමයි ඔක්කොටම වෛද්‍ය විදයාලෙකට ගිය හෑකි. සයිටම් කියන්නෙ තනිකරම ප්‍රෝඩාවක්. ජාතික නිදහස් පෙරමුණේ ස්ථාවරය අගය කල යුතුයි.

  3. sunil says:

    මේ වෙලා වේ බොරදියෙන් මාලු බාන කස්ටියත් ඉන්නවා .මෙච්චර කල් උඩ බලා හිටපු කට්ටිය දැන් ඒක ට විරුද්ධව කෑගහන් නේ චන්ද වලට ….
    මොනවා උනත් හොඳ ප්‍රමිතියකින් ඕක තිබුනොත් හොඳයි ….

  4. solution says:

    දැං ඉතිං දේශපාලුවෝ කරපු ඔලමොට්ටලකම් වලට අහිංසකළමයි පලි නෑ , කරන්න තියෙන එකම දේ ඒ අය කැමති නම් සල්ලි ගෙවලා ඉගෙන ගත්තාවේ, හැබැයි රජයේ වෛද්‍ය ශිෂ්‍යයින් ලියන විභාග පත්රවලටම උත්තර ලියලා පාස් වෙන්න ඕන කියලා ගැසට් කරපල්ලා, ප්රශ්නය ඉවරයි.

    • Dushantha says:

      කරනවනන් හොඳයි. සයිටම් එකේ ඉන්නෙත් අපේ රටේම ලමයිනෙ. ඒත් එහෙම කරාම කොහොමද A/L වත් හරියට නෑති ඈමති වරුන්ගෙ ලමයි ටික විබාග පාස් වෙන්නෙ? ඈමති වරු නන් ඒකට කොහොමවත් කෑමති වෙන්නෙ නෑ.

Main News