සයිටම් නිවේදනය සංශෝධන කරන්නේ නෑ.. සමග සාකච්චා කලෙත් නෑ..- ජනාධිපති ලේකම්..

June 28, 2017 at 3:50 pm | lanka C news
සයිටම් නිවේදනය සංශෝධන කරන්නේ නෑ.. සමග සාකච්චා කලෙත් නෑ..- ජනාධිපති ලේකම්..

සයිටම් වෛද්‍ය උපාධිය සම්බධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් තමන් විසින් නිකුත් කරන ලද නිවේදනය කිසිදු ආකාරයකින් සංශෝධනය නොකරන බවත් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග හෝ කිසිවෙකු සමග ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයකු 26 වන දින කිසිම සාකච්ඡාවක් නොපැවැත් වුනු බවත් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම්වරයාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර 26 දින පස්වරුවේ හදිසි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ යයි පල වූ තිබූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ අදාළ සංශෝධන නිවේදනය ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කලේ ජනාධිපති ලේකම් නොව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ශිරාල් ලක්‌තිලක මහතා බවයි.

28 views

6 Comments to “සයිටම් නිවේදනය සංශෝධන කරන්නේ නෑ.. සමග සාකච්චා කලෙත් නෑ..- ජනාධිපති ලේකම්..”

  1. deshapremiya says:

    Pacha gahauwoth athe pattu wenawa.

  2. Jee says:

    Kelewwa neda gmoa ekata … jaya wewa

  3. yahapanalanaya says:

    ඔබලා කිච වී ඉවරයි වෛද්‍යතුමණි / තුමියණි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන පුද්ගලික චැනල් සේවයේ යෙදෙමින් මිනිසුන්ගේ මුදල් කොල්ල කන ඔබලා මංකොල්ල කාරයෝ නේද, උඹලා දැනගනිල්ලා ආයෙත් වැඩ වර්ජන කළොත් සාමාන්‍ය මිනිස්සු නිකන් අත්හරින්නේ නැතිබව. උඹලගේ රෙදි ගලවලා ගහන්නේ.

    පුළුවන් නම් GMOA එකේ ප්‍රධාන නිලධාරීන්ගේ උසස් පෙළ ප්‍රථිපල ප්‍රසිද්ධියට පත් කරන්න. උඹලගේ ඹය රිසල්ට් වලට වඩා වැඩි රිසල්ට් ගන්ත ළමයි අද එලියෙ ඉන්නා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න බැරිව.

    පුළුවන් නම් උසස් පෙළ ප්‍රථිපල ප්‍රසිද්ධියට පත් කරන්න. උඹලා කවදාවත් ඉදිරිපත් කරන්නේ නෑමයි………

    මාද්‍ය සගයින්ගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේ හැත්තගේ උසස් පෙල ප්‍රතිඵල මොනවද කියලා මාධ්‍ය සාකච්ඡාවකදී අහපියව්ක ඇලිකෙහෙල් කාපු උගුඩුවො වගේ වැඩක් නැති ප්‍රශ්න අහන්නේ.

  4. deshapremiya says:

    Ayi illa aswune. Yatharthyata muhuna denna barihindane. Danwath piliganna me niwedanaya nikuth kale Rajithgage balapam matha kiyala. Ekai paudgalika hethuwa.

  5. saitm says:

    Yahapalanayatai, numba adu sudusukam athi GMOA dostaralagen beheth ganna epa. Wadi sudusukam thibena SAITM dostaralagen beheth gannin. Private channeling walatath yannathwa aanduwe ispirithalen polime gihin beheth ganin.

Main News