සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය දෙනවා… රජයේ තීරණය එලෙසමයි.. කැබිනට් පත‍්‍රිකාව එන කැබිනට් මණ්ඩලයට..

June 27, 2017 at 6:29 am | lanka C news
සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය දෙනවා… රජයේ තීරණය එලෙසමයි.. කැබිනට් පත‍්‍රිකාව එන කැබිනට් මණ්ඩලයට..

සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහල කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැති බවද පවසන ඇමතිවරයා නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල පමණක් රජයට පවරා ගන්නා බවද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත‍්‍රිකාව මීලග කැබිනට් මණ්ඩලයට අනුමැතිය සදහා ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටී.

50 views
Main News