සයිටම් නාට්ටිය අනපේක්ෂිත අවසානයකට.. සයිටම් ලොක්කාට වංගු වෙඩිල්ල තැබූ පුද්ගලයා රිමාන්ඞ්..
February 28, 2017 at 12:40 pm | lanka C news
සයිටම් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යයි සැක කෙරෙන සැකකරුවෙකු පොලීසිය විසින් ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබූ පිස්තෝලයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
ඔහු කඩුවෙල මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අදාල වෙඩි තැබීම් සිදුවීම සයිටම් ප්රධාන විධායක නිලධාරියාට ජීවිත තර්ජන ඇති බව පෙන්වීමට සඳහා සැලසුම් කරන ලද්දක් යයි හෙලිව ඇති අතර ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු සහ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්සණ සිදු කෙරෙයි.