සයිටම් විරෝධීන් මරා දමා හෝ ‘සයිටම්’ නීතිගත කිරීමට සූදානම්..

June 23, 2017 at 12:34 am | lanka C news
සයිටම් විරෝධීන් මරා දමා හෝ ‘සයිටම්’ නීතිගත කිරීමට සූදානම්..

‘ඒකාධිපති රෙජීමය’ වෙනුවට ‘මෛත‍්‍රී පාලනයක්’ යටතේ ‘තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ ලබා දීමට බලයට පැමිණි වත්මන් පාලකයන් දැන් ‘සයිටම් මුදලාලිලාගේ’ පගාවට යට වී සයිටම් විරෝධීන් මරා දමා හෝ ‘සයිටම් හොර උපාධි කඩය’ නීතිගත කිරීමට සැරසෙන බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

‘සයිටම් හොර උපාධි කඩයට එරෙහි සටන අද විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍ය පීඨ සිසු දෙමව්පිය සංසදය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති ඇතුළු සියලු ජන බලවේග එක්ව ඉදිරියට ගෙන යමින් සිටිනවා. අද දසතින් නැඟී එන සටන් පාඨය ‘සයිටම් වෛද්‍ය පීඨය ජනසතු කරනු!’ කියන එකයි. ඊයේ (21) විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකටයි සාමකාමී පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණියේ. ඒ සාකච්ඡාවත් ඉහත සටන් පාඨය හා බැඳුණු එකක්. පුහු වීරයකු ලෙස නොයෙකුත් තැන්වල කටමැත දොඩවන මේ කොන්ද පණ නැති සෞඛ්‍ය අමාත්‍යවරයා සිසුන් එන විට පලා ගියා. ඔහු පමණක් නොවෙයි කිසිදු අමාත්‍යාංශ බලධාරියකු සාකච්ඡාවට පැමිණියේ නැහැ. අවසානයේදී සාකච්ඡුා මඟ හැර ඉතාමත් තුච්ඡ, මෘග ආකාරයට සාකච්ඡාව සඳහා පැමිණි ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා ඇතුළු ශිෂ්‍ය ප‍්‍රජාවට විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් යොදවා පහර දුන්නා. කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර, බැටන් පොලු යොදා එල්ල කළ මේ මෘග ප‍්‍රහාරයෙන් ශිෂ්‍යයන් 96 දෙනකු රෝහල්ගත කිරීමට සිදු වුණා. මෑත ඉතිහාසයේ ලාංකීය ශිෂ්‍ය ප‍්‍රජාවට එල්ල වූ මෘගතම ප‍්‍රහාරය එයයි.

සිදුවීමේ රූප රාමු හොඳින් නිරීක්‍ෂණය කරන විට පෙනෙනවා, මෙවැනි මෘග පහර දීමකට නොගොස් සිසුන් ඉවත් කිරීමට පොලීසියට විකල්ප ක‍්‍රම තිබූ බව. නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට බලපාන ප‍්‍රශ්නයක් සාකච්ඡා කිරීමට සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව ඉල්ලා සිටි විට කොන්ද පණ නැති උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා මොකද කළේ? පොලීසිය ලවා සිසු සිසුවියන්ට මෘග ලෙස පහර දීමයි. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා ‘මේකද හදනවා කියපු මෛත‍්‍රී යුගය?’ කියලා. අද සිදුවන්නේ සයිටම් මුදලාලිට ලාභ ගන්න, සයිටම් හොර උපාධි කඩය නීතිගත කිරීමට ඒ මුදලාලිලාගෙන් පගා ගත්තු ඇමතිවරුන් කටයුතු කිරීමයි.

‘සයිටම් ජනසතු කරනු!’

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු මේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ විද්වත් කමිටුවල නිර්දේශය වූයේ මෙම වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට නොහැකි බවයි. නමුත් සයිටම් මුදලාලිලාගෙන් විශාල ලෙස මුදල් ගත්තු ඇමතිවරුන් කිහිප දෙනකු ඒ විද්වත් නිර්දේශ මෙන්ම, වෛද්‍ය සිසු – දෙමව්පිය – වෘත්තීය සමිතිවල සටන් පාඨය වන ‘සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරනු!’ යන අද සයිටම් වෛද්‍ය විද්‍යාලය ඉගෙනුම ලබන සිසුන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ටත් පිළිගත හැකි සටන් පාඨය නොතකා හරිමින් කටයුතු කරනවා. මුලින් කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර. අද වන විට බැටන් ප‍්‍රහාර. හෙට වන විට රබර් උණ්ඩ හා ජීව උණ්ඩ යොදා ගෙන හෝ මේ කොන්ද පණ නැති ඇමතිවරුන් සයිටම් ආයතනය නීතිගත කරන්නැයි හදන්නේ.

‘මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි කෝ තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය? කෝ තරුපහේ යහපාලනය? වෛද්‍ය සිසුන්ගේ ලේ, මස් මතින් ද ඔබලා මෙසේ සයිටම් මුදලාලිලාගේ උවමනාව ඉටුකර දීමට යන්නේ?’ කියා අපි විමසා සිටිනවා.

‘රණවිරුවන්ගෙන් ඉල්ලීමක්!’

මා මේ අවස්ථාවේදී රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ලෙස ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුව ඔබලා යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගහනවාට අමතරව ඔබලාට ජනතාවගේ හදවත් තුළ තිබෙන ගෞරවය සහ ආදරය නැති කරන්නත් අද කටයුතු කරමින් සිටිනවා. මෙවැනි ජනතාවාදී සටන්වලට ඔබලා ලවා පහර දීමට සැලැස්වීමෙන් ඒ උවමනාව ආණ්ඩුවට ඉටුකර ගන්න පුළුවන්. ඒ නිසා ඔබලා දූෂිත ඇමතිවරුන්ගේ උවමනාවන් ඉටු කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුයි. එහෙම නොවුණොත් රණවිරුවන් ලෙස ඔබලා ලත් විරුදාවලියට බරපතළ හානියක් විය හැකියි. රණවිරුවා ජන ඝාතක ආණ්ඩුවක කුලී හේවායකු කර ගන්නයි මේ අයට උවමනා. ඒ උගුලට හසු නොවී තමන්ගේ රාජකාරීමය වගකීම නිවැරදිව වටහා ගෙන කටයුතු කරන්න කියා අපි ඉල්ලනවා.

මේ මෘග ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඊට මේ හොර නඩය බලයට ගෙන ආ සිවිල් සංවිධාන, කලා සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු එන්. ජී. ඕ. කාක්කන් ද වගකිව යුතු බවත් අවධාරණය කරනවා’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

15 views

6 Comments to “සයිටම් විරෝධීන් මරා දමා හෝ ‘සයිටම්’ නීතිගත කිරීමට සූදානම්..”

  1. Dushantha says:

    වෛද්‍ය අධ‍යාපනය විකිනීම කියන්නෙ හොඳ ලාබ බිස්නස් එකක්. එක ලමයෙක්ගෙන් කෝටි එක හමාර ගානෙ ලමයි දෙසීයක් අවුරුද්දට ගත්තත් ඈතිනෙ. සයිටම් එක දෑනටමත් හාරසීයක් විතර අවුරුද්දකට ගන්නවලු. මරලා හරි නීති ගත කර ගත්තොත් ලන්කාවෙ තියන විශාලම ලාබ ලබන බිස්නස් එක වෙනවා.

    • බන්ඩය්යා says:

      2017 වසරෙ නේපාලෙ මනිපාල් යුනිවර්සිටි ඒකේ මෙඩිසින් කරන්න US $ 207,700 ක් වාර පහකින් ගෙවිය යුතුය්. ඒ කියන්නෙ ලක්ෂ 300 කට වැඩිය්. ඉතින් සය්ටමේ අය කරන්නෙ රැපියල් ලක්ෂ 150 ක් නම් ඒක වැඩි නැහැ අැත්තටම ලාබය්. සය්ටමේ ඉන්න පිටරට ඉගනගත් මහාචාර්ය අාචාර්ය වරැ තුට්ටුවට වැඩ කරන්නෙ නැහැ.

  2. NARAYANA says:

    YAMAPALANA last bitter few shows are on schedule. Perents must be vigilant about their young children. It is man who does jot have children and KEPPA killers work

  3. Gona says:

    Lajjai, Nidah peramuna katinda danne naha kata karanne. yako kbaraya talagoya karana hati..

  4. Upali says:

    ‘සයිටම් හොර උපාධි කඩය’ පටන් ගත්තෙ, ශිෂ්‍යත්ව දුන්නෙ කවුද කියල කල්පනා කලේ?

  5. ජසයා says:

    ඔබට සතුටුයිද දැන්? මම අහන්නෙ ලක්ෂ 64 ක ජනතාවගෙන්..

Main News