සයිටම් විරෝධී අන්තරේට අපමණ අගයක්.. අධීපීඩන ජලය කදුළු ගෑස් ගසා පන්නා දමති..

March 13, 2017 at 3:50 pm | lanka C news
සයිටම් විරෝධී අන්තරේට අපමණ අගයක්.. අධීපීඩන ජලය කදුළු ගෑස් ගසා පන්නා දමති..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කොළඹ කොටුවේදී අධිපීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

සෙරමික් මං සන්ධිය මාර්ග බාධක යොදා පාර වසා ඇති අතර ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

සිසුන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවටද ගෙන ඇත.

සයිටම් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද පැවැත්වෙන සාකච්චාවක් සදහා තම නියෝජිතයින් සහභාගී කර නොගැකීමට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

47 views