සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව වෛද්‍ය, තෙල්, විදුලිය, බැංකු, වරාය, සෞඛ්‍ය මහා වැඩ වර්ජනයක් කැදවයි..
April 23, 2017 at 6:48 pm | lanka C news
සයිටම් වෛද්‍ය උපාධියට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මැයි මාසයේදී සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කර වැඩ වර්ජනයකට යන බව එම සංගමය සදහන් කරයි.
මෙම වැඩ වර්ජනය සදහා තවත් පාර්ශ්ව ගණනාවක් එක්වන බවද කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි.
විදුලිය වරාය බැංකු ඛනිජ තෙල් ගුරු හා සෞඛ්‍ය ආදී අංශ සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනයෙන් සමස්ත රාජ්‍ය සේවයම අඩපණ වනු ඇති බවත් එහි සම්පුර්ණ වගකීම රජය විසින් බාරගත යුතු බවත්ඔහු වැඩිදුරටත් පැවසීය.