සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවන්ගේ දරුවන්ද ඉගෙන ගන්නවා..

October 2, 2017 at 5:30 pm | lanka C news
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවන්ගේ දරුවන්ද ඉගෙන ගන්නවා..

2017 ලෝක වැඩිහිටි දිනය සමරමින් රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය ඒකාබද්ධව සංවිධානය කළ “ප්‍රයාම ප්‍රණාම” උත්සවය අලුත්ගම ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගණයේ දී පැවැත්විනි. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවාව තුල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පමණයි සිටියේ. නමුත් වර්තමානයේ වැඩිහිටියන් පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ද සිටිනවා. ඉදිරියේ දී වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. රෝග වලට වැඩිහිටියන් ගොදුරුවීම වැළැක්වීම සදහා සෞඛ්‍ය සේවාව තුළ ද වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. වයඹ, සබරගමුව හා මොරටුව යන විශ්ව විද්‍යාලවල නව වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. රුහුණූ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුලුල් කිරීමට ද පියවර ගන්නවා. රජය විසින් අධ්‍යානය පෞද්ගලීකරණය කරන බවට ඇතමුන් චෝදනා කරනවා. නමුත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් සිදු කරන්නේ නැහැ. සයිටම් එකක් එල්ලාගෙන තමයි ඒ අය මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ. නිදහස් අධ්‍යාපන අදහස පළමුව ඉදිරිපත් කළේ සමසමාජ නායකයින් විසින්. නමුත් පසුව නිදහස් අධ්‍යාපනය සී.ඩබ්.ඩබ් කන්නංගර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. නමුත් වර්තමානයේ තිබෙන්නේ මුදල් තිබෙන අයටත් ඉගෙන ගන්න එපා කියන දර්ශණයක්. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවෙකුගේ දරුවෙක් ද අධ්‍යාපනය ලබනවා. ඒ ශිෂ්‍යත්වයක් ලබමින්. එවැනි අයට අධ්‍යාපනය ලැබීමට අයිතියක් නැද්ද. ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂ එයටත් බදා කරනවා. සයිටම් සිද්ධිදාමයට අපේ රජයෙත් සමහරු බයයි. නමුත් මම බය නැහැ. සයිටම් ගැන කථා කරන්න මට පුලුවන්.”

“ගම්වල ජනතාව වෛද්‍යවරුන්ට බනිනවා. වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජන කිරිම නිසා ජනතාව තුල වෛද්‍යවරුන් පිළිබද තිබූ ගරුත්වය නැති වෙලා. කැපවෙලා වැඩ කරන වෛද්‍යවරුන් ද ඉන්නවා. උදාහරණයක් ලෙස මහනුවර මහ රෝහලේ හෘද සැත්කම් සිදු කරන වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා නම් කරන්න පුලුවන්. නමුත් ඇතැම් වෛද්‍යවරුන් කරන වැඩ හේතුවෙන් සියලුම වෛද්‍යවරුන්ට ජනතාව බනිනවා. වෛද්‍යවරුන් බලාගෙන ඉන්නේ වැඩවර්ජන කරන්න. බොරු සටන් පාඨ ඉදිරිපත් කරමින් වැඩ වර්ජනවල නිරත වෙනවා. අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස අපි තහවුරු කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව ප්‍රශ්ණයක් තිබෙනවා නමි සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතුයි. ඒ පිළිබදව අද කොහෙවත් නැති දහමක් ගැන කථා කරනවා. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම රජයෙන් ලබාදෙන්න බැහැ. එම අයිතිය ලබාදෙන්න මමත් සටන් කළා. නමුත් එය පරාජය වුනා.

අද ඉන්න වෛද්‍යවරුන් මොනවා ප්‍රකාශ කරනවා ද දන්නේ නැහැ. සටන් පාඨ දේශපාලනයක් කරන්නේ. රජය තීන්දුවක් ගත යුතුයි. සයිටම් ආයතනය පෙන්වා ඇතැම් අය ඡන්දය ඉල්ලන්න බලාගෙන ඉන්නවා. අපේ දරු පරපුර ආරක්ෂා කළ යුතුයි. ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නමුත් ජනතා ප්‍රශ්න විසදීමට අපි කටයුතු කළ යුතුයි. මට විවිධ විවේචන එල්ල වෙනවා. බැනුම් අහන්න මම බය නැහැ. බැන්නට ඇගේ වදින්නෙත් නැහැ. රට ගොඩනැංවීමට රජය කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට මහාසංඝරත්නය, සෞඛ්‍ය නිලධාරින්, හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

4 views

7 Comments to “සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගඩොල් කපන කම්කරුවන්ගේ දරුවන්ද ඉගෙන ගන්නවා..”

  1. ranil says:

    ගඩොල් කපන වුුන් ගෙ ලමයි විතරක් නම් මොකෝ ගල්කපන එවුන්ගෙ ලමයිත් ඇති ඕනැ තතරම්

    • නාගසිංහ says:

      නැවු ගිලින උන්ගේ ලේලිලත් හිටියා

  2. DRS says:

    Cutting bricks must be paying big enough to pay the Saitem tuition fees.
    Poor peoples children also go to state university to study medicine and depend on mahapola to help them as their poor parents cannot afford to pay. I know because I am one of the latter.

  3. saitm kukka says:

    Thaththath puthata deweni naha. Kata ariyoth kiyanne athe palawena boru. Vihilu saha moda katha. Saitm ekata yanawa aththe raththaran gadol kapana kamkaruwange daruwo wennathi. Gadol kapana kamkaruwata keeyak padi hamba wenawada kiyala kiyanna puluwanda.

  4. David Milli-Banda says:

    saitm

    සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගල් කපන කම්කරුවන්ගේ දරුවන්ද ඉගෙන ගන්නවා da ?????????????????

    ithin, ගල් කපන ewunta lamai hamba wenne nehe ne.
    If you do not know Rankneel gen ahanna ko………………..

  5. Boo says:

    ඒ විතරක්ද ? ඒකෙ අධ්‍යක්ෂක වරියක්, කල් ඉකුත්වූ බේත් හමුදාවට විකුණා අහුවුණු, හොරකම් කල මහජන මුදල් වලින් නැවු අටක් මිලදී ගත්, කට ඇරියොත් කකුස්සි වැලක් මෙන් ගඳ ගහන බොරු කියන ලෝක හොරෙකුගේ භාර්යාවනේ.

  6. Dr Lakshman Fernando says:

    Hello,
    Admit to public that, My wife is a Professor in SITAM & My moda putha’s wife as well as my DAUGHTER IN LAW also studying in SITAM. HORA HETTA.

Main News