සයිටම් වෛද්‍ය සිසුන්ගේ කල්ල මරේ.. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක් කරයි..

August 1, 2017 at 2:02 am | lanka C news
සයිටම් වෛද්‍ය සිසුන්ගේ කල්ල මරේ.. නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්‍ෂණ රෝහලක් කරයි..

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් මෙම රෝහල සදහා පාලක මණ්ඩලයක් පිහිටුවීමට අනුමැතිය ලබාගෙන ඇත. එහි සභාපතිවරයා වන්නේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතායි. රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර්අද්මිරාල් එන්.ඊ.ඩබි ජයසේකර මහතා පත්කර ඇත. මෙ රෝහලෙන් අද (01) දින සිට ජනතාවට නොමිලයේ ප්‍රතිකාර සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. සියළුම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදෙන අතර, ඒ සදහා වූ ඖෂධ 31 පස්වරුව වන ව්ට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹෙි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදී තිබුනි.

තවද ඇදන් 600 කින් යුත් මෙම රෝහලේ මෙි වනව්ටත් රෝගීන් ව්ශාල පිරිසක් ප්‍රතිකාර ලබයි. රෝහලේ අවශ්‍යතා සදහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් රැසක් මෙම රෝහලේ සේවය කරති. මානව සම්පත් ගැටළු වලට කඩිනමින් ව්සදුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතය.

– ප‍්‍රසන්න අධිකාරී

91 views
Main News