සයින්දමරුදු නගර සභාවක් කිරීම අන්තවාදී බෙදුම්වාදී වැඩක්.. මෙය සමග MCC ගිවිසුම බැදී තිබෙනවා.. අපි විරුද්දයි..

February 20, 2020 at 10:00 am | lanka C news
සයින්දමරුදු නගර සභාවක් කිරීම අන්තවාදී බෙදුම්වාදී වැඩක්.. මෙය සමග MCC ගිවිසුම බැදී තිබෙනවා.. අපි විරුද්දයි..

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත් කිරීම, හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා තහනම් කිරීම සහ ඇමරිකානු MCC ගිවිසුම එකට බැඳී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

සයින්දමරුදු ප්‍රදේශය නගර සභාවක් බවට පත් කිරීම අන්තවාදී බෙදුම්වාදී ක්‍රියාවලියක් සමග එකට බැදී ඇතැයිද එනිසා මෙම ක‍්‍රියාවලීන් එකිනෙකට සම්බන්ධවත් බවත් ඔහු පැවසීය.

MCC, සෝෆා, අක්සා ගිවිසුම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව දැඩි අධිෂ්ඨානයකින් සිටින බවද පැවසූ ඔහු යම් හෙයකින් එම ගිවිසුම් මෙරට ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට ඇමරිකානු කොලනියක් වනු ඇති බවද සඳහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ද රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් විසින් කල්මුණේ නගර සභාවෙන් වෙනම කලාපයක් ඉල්ලා සිටිය ද එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා එයට අවසර ලබාදුන්නේ නැති බවද අමරසේකර මහතා සිහිපත් කලේය.

ඒ අනුව මෙම ප්‍රදේශය නගර සභාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ වන බවද වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේය.

අමරසේකර මහතා මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

23,377 Viewers

13 Comments to “සයින්දමරුදු නගර සභාවක් කිරීම අන්තවාදී බෙදුම්වාදී වැඩක්.. මෙය සමග MCC ගිවිසුම බැදී තිබෙනවා.. අපි විරුද්දයි..”

  1. Luxman says:

    මහින්ද මහතා මේ සූදානම් වන්නේ 2/3 නැතිකර ආන්ඩුවක් පිහිටුවීමටද.?

    • pohottu says:

      2/3 nevei yako umbalata dinanath ba. nikan heena dakine nathiwa hitapan. me wage kata witharai wada bari anduwakata chande denne anda golu bihiro saha manasika amaarukam thiyena ewun witharai.

      • Boo says:

        ඇත්ත ඇත්ත, අපි එහෙනං අර මහ බැංකුව මංකොල්ල කාලා අවුරැදු හතරක් රට කාපු, රට සුද්දට විකුනපු, ඇට ගෙවිච්ච නිසා කෝටි ගනන්වල කාර් ගෙන්නගන මිනිස්සුනට බදු වැඩිකරපු, රනවිරැවන්ව හිරේ දාලා, බුදුදහමට අපහාස කරලා, මුස්ලිම් අන්තවාදීන්ට කරේ යන්න ඉඩදුන් පොන්න සමනල රැලට චන්දෙ දෙමු. උන්ට හොඳට වැඩ පුලුවන්නෙ නේ…?

    • Boo says:

      මහින්දත් මේ වගේ ගොං වැඩ කරන්න ගත්තොත් ඉතිං අපේ රටට අබ සරනයි.

  2. Kamal says:

    අනාගතයේදී ජනතාවට දකින්න පුළුවන්, ජාති වාදී-ආගම්වාදී ප්‍රදේශ නිර්මානය වීමේ ආදීනව.

  3. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    කොළඹ නගර සභාව ගත්තොත් වැඩි මන්ත්‍රී පිරිසක් මුස්ලීම්. මොකද කොළඹ නගරයේ බහුතර ජනයා මුස්ලීම්. සයින්දමරුදු නගර සභාවක් ලෙස බෙදීමට පෙරත් බහුතර මන්ත්‍රීන් පත් වුණේ මුස්ලීම්. වහබ්වාදී මුස්ලීම් අන්තවාදීන් බිහිවුණේ මෙම නගර සභාව ඇතිකිරීමට බොහෝ කාලයකට පෙරයි. ඔය චෝදනා නගන අය ජනතාවට හෙලිකරන්න අවශ්‍යයි මෙම නව නගර සභාව ඇති කිරීමෙන් සිදුවන අහිතකර බලපෑම් මොනවාද කියලා පැහැදිලිවම. නැතිනම් මෙම ක්‍රියාව අන්තවාදී වුවමනාවක් ඉටුකිරීමක් ලෙස හැදින්වීමෙන් පමණක් සෑහීමකට පත්වෙන්න බැහැ.

    • නිමල් says:

      ධර්මමපාල මහතානෙනි! මම අම්පාර දිස්ත්‍රීක්කයේ පලාත් පාලන ආයතන සම්බන්ධව වැඩ කරපු සිංහල රට වැසියෙක්, සයින්ද මරදු විතරක් නෙවෙයි නැගෙනහිර පලාතේම සිදුවන දේශපාලන-පරිපාලන වැඩ ගැන දිර්ඝ විස්තරයක් කරන්න පුලුවන්, නමුත් ඊට කාලය මදි – සිංහල ජනතාව සුලුතරයක් වුවේ කොලඹ දිස්ත්‍රීක්කයේ පමණක් නෙවෙයි! නැගෙනහිර පලාතේ අම්පාර, මඩකලපුව, සහ ත්‍රීකුනාමල දිස්ත්‍රීක්ක තුනේම සිංහල ජනයා සුලුතරයයි. ගැටලුව ඇත්තේ එය නෙවෙයි. මේ පලාත් පාලන අයතන මත ගොඩ නැගෙන ජාතිවාදි මානසිකත්වය සහ සම්පත් (ඉඩම්) අත්පත් කරගැනීමේ ඉතා සැලසුම්කාරි කුමන්ත්‍රනයයි! එය ඉතා දිගු කාලින සැලසුම් සහගත ක්‍රීයාවකි! – ඔබතුමාට හැකියාවක් තිබේ නම් මේ ප්‍රදේශයේ සංචාරය කර බලන්න! – ධර්මමපාල මහතා අපි කවදාවත් අපේ “අනාගතය” ගැන හිතන ජාතියක් නෙවෙයි

    • බන්ඩා says:

      ගොනා හැරෙනකොටම පොල් පැලේ කන්න කියල අපි නම් අත්දැකීමෙන්ම දන්නවා.

    • බන්ඩා says:

      ගොනා හැරෙනකොටම පොල් පැලේ කන්න කියල අපි නම් අත්දැකීමෙන්ම දන්නවා. 13A අහෝසි කරල 5%හේ මනාප අවමය 12% කොරල ඕවා කලාට කමක් නැහැ.

    • බන්ඩා says:

      ගොනා හැරෙනකොටම පොල් පැලේ කන්න කියල අපි නම් අත්දැකීමෙන්ම දන්නවා. 13A සහ 19A අහෝසි කරල 5%හේ මනාප අවමය 12% කොරල ඕවා කලාට කමක් නැහැ.

  4. සිංහල බන්ඩා says:

    ආගම පදනම් කොරගෙන නගර සභා පිහිටුවීමෙන් මහින්දට මුස්ලිම් ඡන්ද ලැබීම කොහොම වෙතත් සිංහල ඡන්ද නම් අනිවාර්යයෙන්ම අඩු වෙනවාමය්. මගේ ඡන්දය පොහොට්ටුවට නමුත් මනාපය අද සිට මහින්දට නැහැ.

  5. FoolishLankan says:

    Your decision is correct, you foresee the future and you are respected Sir.
    Govt. must take approval from cabinet, parliament and also analyse other religious leader’s ideas
    before they take a decision like this.
    Let Prime Minister and President eat more Gotukola so that they will have better brains.

  6. Gamini says:

    These old lunatics use racism to get cheap popularity by misleading the general public. Institutions should be created on needs basis and not on the race, religion or political advantages. Our idiots never learn lessons. We have to create Sri Lankan identity only. We have to shed race, caste and religion in recognizing people. We need to create a unique national identity. These old buggers are senseless people.

Main News