සයින්දමරුදු නගර සභාවක් දුන්නා නම් බෝගහගොඩටත් එකක් ඔ්නෑ..- සභාව ගාලගෝටියක් වේ..

February 18, 2020 at 3:50 pm | lanka C news
සයින්දමරුදු නගර සභාවක් දුන්නා නම් බෝගහගොඩටත් එකක් ඔ්නෑ..- සභාව ගාලගෝටියක් වේ..

සයින්දමරුදු වලට නගර සභාවක් ලබා දුන්නේ නම් ඉමදුව ප්‍රා දේශීය සභාවෙන් ඉවත් කර බෝගහගොඩ ට වෙනම ප්‍රා දේශීය සභාවක් ලබා දෙන මෙන් ඉල්ලමින් 18 දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීමේ දී සිදුකරන ලද විරෝධයක් නිසා ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම උණුසුම් විය. 18 දින ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම එහි උප සභාපති ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙහි දී එක්සත් ජාතික නිදහස් පෙරමුණ (කෙසෙල් ඇවරිය) නියෝජනය කරන ඒ.ජී අරුණ මන්ත්‍රීවරයා සභාව ආරම්භ කර සුළු මොහොතකින් විරෝධතා පුවරුවක් ද සමඟින් සභාවට පැමිණියේ සයින්දුමරුදු වලට නගර සභාවක් දුන්නේ නම් ඉමදුව සභාව වෙන් කර බෝගහගොඩටත් වෙනම සභාවක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමිනි. මෙහි දී අදාල විරෝධතාපුවරුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් උදුරා ගැනීමත් සමඟින් සභාව උණුසුම් විය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් : හැමදාම මේක කොල්ම් මඩුවක් කරන්න එක එක දේවල් ගේනවා. මාධ්‍ය සංදර්ශණ තියන්න මේ මන්ත්‍රීතුමා හොදයි.

ඒ.ජී අරුණ ( එක්සත් ජාතික නිදහස් පෙරමුණ ) : අපිට සමකාමී විදියට විරෝධය පල කරන්න බැරි ද ආණ්ඩුව කරන දේවල් වලට. ඇයි ඔය ගොල්ලෝ පසුගිය කාලේ කොච්චර විවේචනය කරාද. මෙතනට කඩු අරගෙන ආවේ අපිද? අපි ගෙනාවාම තමයි අවුල. ඇයි ප්‍රජාතන්ත්‍රවාදීව අපිට විරෝධනය ප්‍රකාශ කරන්න බැරිද? මගේ බෝඩ් එක උදුරා ගත්තා මම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා.

පසුව බී ළුණු සභාවට පෙන්වමින් අරුණ මන්ත්‍රීවරයා මේවායේ මිල දන්නවාද? දැන් සැපද? මිල අඩුද? ආ මෙන්න බී ළුණු කියමින් අරුණ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බී ළුුණු පෙන්වමින් විරෝධය දක්වන්නට විය. පසුව නැවත සභාව උණුසුම් වෙමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරෝධය දැක්වීමත් සමඟින් සභාව එකම ගාලගොට්ටියක් විය. කෙසේ නමුත් ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති ජේ.කේ.ඩී.ජයවික්‍රම මහතා මැදිහත් වී සභාව නිහඩ කිරීමෙන් පසුව නැවත සභාව ආරම්භ කරන ලදී.

– නිමල් අල්ගෙවත්ත

29 views

4 Comments to “සයින්දමරුදු නගර සභාවක් දුන්නා නම් බෝගහගොඩටත් එකක් ඔ්නෑ..- සභාව ගාලගෝටියක් වේ..”

  1. puncha says:

    B lunu UNP anduwe awasan kalaye 360/= bawa mee harakata amathakada? Dan 250/= booruwo.

    • Shiran says:

      බීලූනු නෙවේ බූරුවෝ සයින්දමරුදු.

      මමත් ගෝටට තමා චන්දෙ දුන්නේ.
      තොපි හැම ලබ්බටම හොදයි හොදයි කියන්නෙ නැතුව වැරැදි නම් කටක් ඇරල වැරැදි කියපන්.

      නැතුව මේ රට හදන්න බෑ

      • sky says:

        සයින්දමරුදු වලට නගර සභාවක් ලබාදීම නොකළයුතු දෙයක් … මුස්ලිම් අන්තවාදීන්ට ලබා දුන් ජයග්‍රහණයක් …ලොකු සහයක් ….මෙය පනින වදුරන්ට ඉනිමන් ලබා දීමක් වැනියි
        මේ රටේ දේශපාලකයෝ … සයින්දමරුදු වලට නගර සභාවක් ලබාදීම ( මුස්ලිම් )සුළුජාතීන්ගේ අන්තවාදී ක්‍රියාවලට සහය දීමක් වැනිය අපේ රටේ ප්‍රාදේශීය බලය සුළු ජාතින් ට පවරා දීමෙන් දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ? රට ජාතිය විනාශකිරීමක් නොවේද ? යහපාලනය වගේම මේ ආණ්ඩුවේ ගමන් මගත් වැරදි පාරේ නොවේද යන්නේ ?සිංහල ජනතාවට නැති බලයක් සුලුජාතින් ට ලබා දීම නොකළ යුතුයි … මෙයින් සිදුවන්නේ එම පළාත් වල ජිවත් වෙන සිංහලයන්ට ලොකු විනාශයක් …අසාධාරණයක්
        කවුරු කලත් වරද වරදමයි .
        ගරු ජනපති තුමාගේ අවධානය මෙවැනි මෝඩ තීරණ කෙරෙහි විශේෂයෙන් යොමු කරන මෙන් ඉල්ලමි

  2. රටවැසි says:

    උගත් කමක් නැති පංචස්කන්ද වලට බලය ලැබුනාම වෙන්නෙ ඕක තමයි . ඕන එක මොකක්ද එපා එක මොකක්ද තේරුම් ගන්න බැරුව වල්ගෙ පාගාගෙන දඟලන එක තමයි හරි කියලයි ඒ වගේ මාත්තුරු දන්නෙ . අනේ ! රටකට වෙච්ච දෙයක් .

Main News