සයිනොෆාම් ඊයේ පමණක් 50,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

May 12, 2021 at 8:40 am | lanka C news
සයිනොෆාම් ඊයේ පමණක් 50,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50493 දෙනකුට ලබා දී ඇති බවත් මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71203 දෙනකුට චීන සයිනොෆාර්ම් එන්නත ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන තෙක් එන්නතේ කිසිදු සැලකිය යුතු අතුරු ඵලයක් වාර්තා වී නැති බවද හෙතෙම පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුනේ තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ තුල අද දිනයේත් එන්නත්කරන වැඩ පිළිවෙල දියත් වේ.

29,180 views

24 Comments to “සයිනොෆාම් ඊයේ පමණක් 50,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..”

  1. කුඹුක්කණ් says:

    දවසකින් අතුරු ආබාධ කියන්න පුලුවන්ද? පුතුනේ..
    ඊලඟ ප්‍රභේදයට තව එන්නතක්, එන්නත් ගගහා රට වහ වහ ඉන්න එක මේ ප්‍රශ්ණෙට ස්ථීරසාර විසදුමක් නෙවෙයි.
    සිරුරේ ප්‍රතිශක්තිය හදාගන්න , ආයුර්වේද , හෙල ඔසු වලට , එම වෛද්‍යවරුන්ට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්න අවස්ථාව දෙන්න.

    • පච නලින් සිල්වද කඩේ says:

      කියන එක ඇත්ත හැබැයි අහසින් එකපාර පාත් වෙච්ච උන් උඩ දාගෙන හෙල වෙදකම විහිලුවට ලක්කල තොයි පච නලියා වගේ උනුයි වෙච්ච දේට මුලින් වග කියපන්

  2. 3% ජෙප්පා says:

    මුලු අරාබි කරයම විදගත්තේ මේක නම් ආයි හිතන්න දෙයක් නැහැ. මේක තමයි ලෝකයේම හොඳම එන්නත. ඔවුන් බාල බඩු පාවිච්චි කිරීමට කැමති අය නොවේ.

    • viveka says:

      jepponge molaye tharama Vzccines vala side effects eka davasin enne naha. Awurudu keepayak gihin popolation growth rate eka du venakota daney ranga.

      • Kelum says:

        Avrudu ganakata passe wena deval kawuda danne? Eka deyyo wath danee naha. Me welawe karanna thyenne danata jewath wena ekai.

  3. උපාසක says:

    මේ එන්නත ලංකාවට ලැබුණු කාලයේම ජනතාවට ලබා දුන්නානම් මේ වසංගත තත්ත්වය යම් තරමකට හෝ අඩු කරගන්න තිබුනා. දේශපාලන න්‍යාය පත්‍ර වලට යටවෙලා ඒක ප්‍රමාද කරපු විද්වතුන් දැන් නිශ්ශබ්දයි. හැම මගුලටම උසාවි යන සංවිධාන දැන් නිදිද?

  4. Mr. M says:

    එන්නත ගහපු ගමන් විතරයි ද අතුරු ආබාධ එන්නේ..?? මුන්ගේ මොලේ කොහෙද තියෙන්නේ..???

    • කරු says:

      ඉස්සෙල්ල බලපන් තොගෙ මොලෙ කොහෙද කියල නිව්ස් එකෙ කියන්නෙ “මෙතෙක් අතුරු ආබාධ වාර්තා වෙලා නෑ කියල.

  5. Love nature says:

    සයිනොෆාර්ම් එන්නත රටවල් කිහිපයක හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර සමාගම තවමත් රටවල් 10 ක සායනික අත්හදා බැලීම් සිදු කරයි.

  6. Yaka says:

    කාටද ආඩම්බර එන්න්ත අනුමත කලේ සර් ගෙ zoom සාකච්ඡාව නිසා නෙ

Main News