චීන එන්නතට අනුමැතිය දුන්නේ ජනාධිපතිගේ කෝල් එක නිසා වෙන්න බෑ…- ඖෂධ නියාමන අමාත්‍යංශයේ ලේකම්…

May 13, 2021 at 10:02 pm | lanka C news
චීන එන්නතට අනුමැතිය දුන්නේ ජනාධිපතිගේ කෝල් එක නිසා වෙන්න බෑ…- ඖෂධ නියාමන අමාත්‍යංශයේ ලේකම්…

චීනයේ සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකථන ඇමැතුම අනුව යැයි තමන් නොසිතන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් අනුමත කරන්නේ නිශ්චිත ක්‍රියාවලියට අනුව බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අද වන විට මෙරට තුළ එන්නත්කරණය ඉතා සාර්ථකව සිදුකරගෙන යන බවද පවසන ඔහු ලෝකය පුරාම කොරෝනා එන්නත් හිගයක් ඇති වී තිබෙන නිසා යම් ප්‍රමාදයක් ඇති බවද ලේකම්වරයා එහිදී පැවසීය.

32,921 views

15 Comments to “චීන එන්නතට අනුමැතිය දුන්නේ ජනාධිපතිගේ කෝල් එක නිසා වෙන්න බෑ…- ඖෂධ නියාමන අමාත්‍යංශයේ ලේකම්…”

  1. ගමේ වෙදා says:

    මොහු ජරා පප්පෙක් බව දේහ ලක්ෂණ විද්‍යාව අනුව කියන්න පුළුවන්

Main News