සයිනොෆාම් එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා හැදී කරාපිටියේදී මිය යයි…

July 26, 2021 at 12:40 pm | lanka C news
සයිනොෆාම් එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා හැදී කරාපිටියේදී මිය යයි…

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු වසරක පමණ කාලයක සිට පාදයේ ආබාධයකින් සිටි අයකු වන අතර පසුගිය මැයි 29 දා පළමු මාත්‍රාවක් දෙවෙනි මාත්‍රාව ජුනි 28 වැනිදා ලබාගෙන තිබිණි.

පසුව ඔහුට සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරු කර ඒවා තිබිණි.

එහිදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

52,138 views

18 Comments to “සයිනොෆාම් එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා හැදී කරාපිටියේදී මිය යයි…”

  1. c badugama says:

    හොඳමයයි කියන ෆයිසර් එන්නතේත් ඵලදායිතාවය 95%යිලු. සයිනොෆාම් 78%යිලු. ඉතින් එන්නත් මාත්‍රා දෙකම ගත්තා වුනත් පිලිවෙලින් 5% හා 22% කට කොරෝනා හැදෙන්නත් එයින් 1-2% මැරෙන්නත් ඉඩ තියෙනවා.

  2. Janu says:

    බොරු දේශපාලන වාසි කතා කියන්න එපා. මිනිස්සුන්ගෙ කකියන තැන් වලට ඇනලා සොමියක් ගන්න කොටන එවුන් අදුනා ගන්න පුලුවන්. මහරාජාට ගහලා තියෙන්නෙ ෆ්‍යිසර්.ඒත් මලා. හැම එන්නතකම අසාර්තක වීමේ සම්භාවිතාවක් තියෙනවා. එන්නතකට ගෙනාපු ආයුශ වැඩි කරන්න බෑ. ඒක ඉතින් අයගෙ අභාග්ගෙ. එන්ගලන්තෙ පලමු වටයෙ එන්නත් නැතිව 50000 න් 1000 ක් ලෙඩ්ඩු මලා. මේ වතාවෙ ෆයිසර් එන්නතෙන් පසුව ලෙඩ්ඩු 50000න් 59 ක් මැරිලා. ඔහොම හිතනවානම් ෆයිසරුත් නවත්තන්න වෙනවා.