සය හැවිරිදි මල් කැකුල මරා ලිදට දමයි.. සිවු දෙනෙක් අත්අඩංගුවේ…
June 27, 2018 at 6:30 am | lanka C news
යාපනය ප්‍රදේශයේදි ඝාතනයට ලක්වු දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වි ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පැවසීය.
පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 සවස සොයා ගනු ලැබීය.
පොලීසිය පැවසූවේ දැරිය පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි.
යාපනය,සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි ශිවනේශ්වරන් රෙජීනා නමැති දැරියකගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසූවේ කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලද දැරියගේ සිරුරක් එලෙස සොයාගත් බවයි.
සිරුර ඊයේ සවස ළිදෙන් ගොඩගෙන යාපනය රෝහල යොමු කොට තිබු අතර, එහිදි දැරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකු දැරියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ සම්බන්ධයක් ඇති බවද යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.
දැරියගේ මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ තුවාල කැළල් තිබු අතර, අදාළ තුවාල පරීක්ෂා කිරීමේදී දැරියගේ ගෙල සිරකොට මරා දමා ඇති බවට තහවුරු වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මීට සම්බන්ධ කාලකණ්ණි ටික ආයුධ පෙන්නන්න අරන් යන්න රත්තරන් පොලිස් මහත්තයෝ…ඒක කිසිම පව් වැඩක් නොවෙයි…ඒ වගේ අමනුස්සයෝ මේ පොලවට බරක්..උන් මේ පොලවෙන් අතුගාල දාන්න ඕන…කෙහෙල්මල් නීතියෙ තියෙන දුර්වල කම් නිසා අහිංසක පැටව් කී දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවනවද…අනිවාර්යයෙන් මීට සම්බන්ධ එවුන් මරා දැමිය යුතුමයි…
Good Idea…but its against the Yahapalana Sanhidiya Bayla….Because they are Tamils.
pissu katha kiyanna epaa are lingaya nathi samalingikayata oya kathawa ahunoth moggal wei……meka jahapaalanaye hallow….
පිස්සුද…..100%ක් පිරිසිදු පෙරල ගත්ත ප්රජාතන්ත්රවාදය පිලිපදින ලිච්චවි සෙට් එක අවුරුදු ගානක් නඩු අහල/ ඇප දීල නිදහස් කරනව