සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස් කරයි..

July 30, 2021 at 11:20 am | lanka C news
සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස් කරයි..

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් නිදහස් කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.

ඒ අනුව විත්තියේ නීතිඥවරයා ගේ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් සරණ ගුණවර්ධන මහතා එකී චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී.

මෙම නඩුව පවරා තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සභාපති වරයා වශයෙන් සිටියදී කුලී පදනමට වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කිරීම මගින් දූෂණය නම් වරද සිදු කළේ යැයි කියමිනි.

20,262 views

23 Comments to “සරණ ගුණවර්ධන නඩු 08 කින් නිදහස් කරයි..”

  1. Chamara says:

    Sarana gunawardhana kiyanne patta horek kiyala okkoma dannawa. Mei wage neethiya wal wadichcha yugayak meeta pera dakala naha.

  2. Jude perera says:

    Hoiya hoiya hodatama kale api thamai

  3. desta says:

    patalaye set ekatkh eliyata nidos Kota nidhas kiyala ayeth flower 🌹 anduwak enne neha enna denneth neha

  4. APPUHAMI says:

    Allas commission ekata jaya wewa. Monatharam aparadayakda methumata karala thibbe rambutan karaingen ehema podi podi kappamak dekak gaththata.

  5. saman says:

    එකම රටක් එකම නීතියක්

  6. Saleem says:

    නිදහස් කරාට මදි මොකක් හරි සංස්ථාවක සභාපති කරමු. එතකොට තමා ගෝඨාගේ වියත් මග චක්‍රය සම්පූර්ණ වෙන්නේ. නොදකිං

  7. LalithM says:

    සර්ගේ ගෙවල් පැත්තේ වටයක් ඇවිදල මිනිස්සු එක්ක කථා කරල බලන්න ලැබෙන තොරතුරු. 69 ලක්ෂයකට කොකා පෙන්නලා මෙයත් ලං වෙනකොට හොඳ ප්‍රතිඵල ලැබෙයි.

  8. කැලණියේ නයා says:

    ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න නම් සරණයාව ස්භාපති තනතුරක පිහිටුවන්නත් ඕනි.අහෝ වියත් මග පෙන්නල බලයට ඇවිත් රඹුටන් වෙලෙන්දගෙනුත් කප්පම් ගත්තු උන් තමා බලේ ක්‍රියාත්මක කරන්නෙ.

  9. මැකුවොත් හිරේ says:

    සෙල්ලම් නෑ නඩු අටක්….නන්දසේන බැසිල් ,මහින්ද ,උඹලා මාරයිනේ…,මුළු රටටම එක නීතියක්…,පයන්නයි …? කය යන්නයි තමයි ඉතින් ….මේ හම්බවුණ පාර තමයි අවසාන වතාව…කාගෙන කාගෙන කාගෙන පලයල්ලා රටම ..ආයෙම ජීවිතයට thopilata හම්බ වෙන් නෑ

  10. මැකුවොත් හිරේ says:

    සෙල්ලම් නෑ නඩු අටක්….නන්දසේන බැසිල් ,මහින්ද ,උඹලා මාරයිනේ…,මුළු රටටම එක නීතියක්…,පයන්නයි …? කය යන්නයි තමයි ඉතින් ….මේ හම්බවුණ පාර තමයි අවසාන වතාව…කාගෙන කාගෙන කාගෙන පලයල්ලා රටම ..ආයෙම ජීවිතයට thopilata හම්බ වෙන් නෑ ….ඒක මතක තියා ගනිල්ලා

Main News