සරත් එන්. සිල්වා කොටු කරයි.. මහින්ද සමග සිටියේ යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

August 26, 2018 at 9:20 am | lanka C news
සරත් එන්. සිල්වා කොටු කරයි.. මහින්ද සමග සිටියේ යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

හිටපු අගවිනිසරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානමක් ඇති බව සති අන්ත අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

පසුගියදා රහස් පොලීසිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රශ්න කිරීමක් සිදු කරද්දී එම ස්ථානයට නීතීඥයෙකු ලෙස සහභාගී වීමෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේ යයි මෙසේ නඩු පැවරීමට සූදානම් වන්නෙ යයිද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන හිටපු අගවිනිසුරුවරයා සදහන් කරන්නේ තමන් එදින මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට ගියේ නීතීඥයෙක් ලෙස නොවන බවයි.

තම හිතවතෙකු වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට තමන් ඊට පෙරද ඊට පසුද ගොස් ඇති බවත් තම හිතවතෙකුගේ නිවසට යාමට මෙරට පුරවැසියෙකුට අයිතියක් ඇතැයිද කියා සිටියේය.

හිටපු අගවිනිසුරුවරයෙකුට ව්‍යවස්ථාවෙන් බාධා පනවා ඇත්තේ නීතීඥයෙකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටීමට බවත් තමන් කිසි දිනෙක එම නීතිය උල්ලංඝනය කර නැති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේය.

215 views

6 Comments to “සරත් එන්. සිල්වා කොටු කරයි.. මහින්ද සමග සිටියේ යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. Wijebahu says:

    This annoying rogue ex cj should be sent to jail for self confessed partial decesions he was given when he was the rogue CJ.

  2. Saradiel says:

    යමපාලනය ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ

  3. රත්නසේන says:

    මේ වගේ මිනිස්සුනං හතරවටෙන්ම කොටු කරලා -උඩිනුයි යටිනුයි තද කරන්න ඕන – මහිංද උන්නැහේව ඉක්මනින් ගෙදර යවන්න අංචි ඇදපු රටේම ඉන්න නිති ඔස්තාර්.

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    ඔය වගේ මූසලයෝ නිසා තමයි මහින්ද මහත්තයා අමාරුවේ වැටුනේ. මට සමාවෙන්න කියලා තුන්පාරක් කිවුවා මතකද? නූතන ජුදාස් කෙනෙක්. දැන් මහින්දට ගොට්ට අල්ලනවා. ලංකාවේ බිහිවෙච්ච දුෂිතම අගවිනිසුරු.. මීට කලින් ඇතුලට යවන්න තිබ්බේ.

  5. දරපු තනතුරට නිගා කරපු තනතුර ගණිකා වෘත්තියේ යොදවපු සතෙක්. මෙයා දීපු සමහර අවස්ථාවාදී පක්ෂපාතී තීන්දු නිසයි අදටත් රටේ දේශපාලන ස්ථාවරයක් නැත්තෙ. නීතිය දන්නවා කීවට අන්තිමට එයා දන්න උලවුවකුත් නෑ. මෑතක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කරල ඒක විභාගයට නොගෙනම වීසි කලා. මහින්ද මහත්තයාත් අමාරුවෙ දාන අවස්ථාවාදී කැනහිලෙක්.

Main News