සරත් වීරසේකර ඇතුළු ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා..

September 25, 2017 at 8:02 am | lanka C news
සරත් වීරසේකර ඇතුළු ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ රණවිරුවනට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කරණලද විරෝදතාවක් සැප්තැම්බර් 24දා සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණි.

මේ සඳහා ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඊශ්‍රායලය, එංගලන්තය, කුවේට්, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකයින් සහභාගී වුහ.

මෙහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා විසින් අදහස් ප්‍රකාශකරන ලදී.

විරෝදතාව අවසානයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා හා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති වසන්ත කීර්තිරත්න යන මහත්වරුන් විසින් මානව හිමිකම් කොමිසමේ සභාපති අල් හුසේන් කුමරු තම බලතල ඉක්මවා ක්‍රියාකරන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වරයාට යැවීමට ලිපියක්ද බාරදුන්හ.

169 views