සරත් වීරසේකර කැබිනට් ඇමති ධුරයක දිවුරයි.. පොලිසිය බාර ඔහුටයි.. චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..

November 26, 2020 at 11:27 am | lanka C news
සරත් වීරසේකර කැබිනට් ඇමති ධුරයක දිවුරයි.. පොලිසිය බාර ඔහුටයි.. චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..

රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

ශ‍්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් එම නව අමාත්‍යංශය යටතය පත් වෙයි.

වීරසේකර මහතා පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධුරයද දරයි

එමෙන්ම චමල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

64,220 views
Main News