සරත් ෆොන්සේකාට මුළු හමුදාවම විරුද්ද වෙයි..

September 4, 2017 at 10:00 am | lanka C news
සරත් ෆොන්සේකාට මුළු හමුදාවම විරුද්ද වෙයි..

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියේය.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.

– දිවයින

221 views

31 Comments to “සරත් ෆොන්සේකාට මුළු හමුදාවම විරුද්ද වෙයි..”

  1. Lolla says:

    Sarath Fonseka ඔබ එන්න එන්නම ජාතියේ ද්‍රෝහියෙක් වෙන බව දැනෙන්නේ නැද්ද ?
    පවුලේ අයවත් කියන්නේ නැද්ද ?
    ඔබට මහින්දගෙන් අසාදාරනයක් වුනා… ඒක අපි පිලිගන්නවා ඒක වුනෙත් ඔබව එදාත් අද වගේම UNP එක බයිට් කල නිසයි…..ඔබ ගැන අපට දුකයි

    • CAT says:

      සරත් ,,සිරිසේන දෙන්නම මහින්දගෙන් පලිගන්න කරන්නේ අපේ රණවිරුවන් සහ මේ මව් බිම දෙමල ඩයස් පෝරාවට පාවා දීම ..
      ඔවුන් දැන් දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ වෙලා ….ජාතිවාදී TNA දේශපාලකයන් මුදලට ජන්දෙට නටවන පබයෝ
      දැන් ඔවුන් ඉන්නේ බල තණ්හාවෙන් උමතුවෙලා …මුදලට වශීවෙලා ..දෙන්නම වසලයෝ

  2. HWJ says:

    Mahesh – you said minimaruwa will not become Ranawiruwa and vice versa. What are you telling now?

  3. Sadda says:

    Hamudapathi kawara pudgalayek unath me awasthawedi SF ge prakashaya pilibanda dakwa athi adahas hondai.

  4. David Milli-Banda says:

    Officers should be gentlemen and not KALAVEDDAHS.
    General Mahes, you may have differences but remain a Gentleman…………………
    Do not mince your words…………”minimaruwa will not become Ranawiruwa’ utter words carefully as chopping blades are out and the media waiting to pounce.

    Be watchful… Kalaveddah has undertaken a contract to destroy your Military.

  5. BARCARDI says:

    ALL three Forces must be united against the SF. For private reason he is betraying the every thing. UNP is in a process of endorsing his behavior.

  6. Power says:

    ඔබතුමන් වැනි උතුම් ආරක්ෂක නිළධාරී මහතුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු.

  7. buruputha says:

    Sarath Fons kiyanne Sinhala le binduwakvath gawila nathi maha ahakimbavek.

Main News