සරත් ෆොන්සේකා කැලණිය පුදබිම වනසනවා.. ඔහු කැලණියෙන් පන්නා දමනවා..- මර්වින්
September 30, 2017 at 10:40 am | lanka C news
ඇමති සරත් ෆොන්සේකා කැලණියෙන් එලවා දැමීම සදහා තමන් මහා සංඝ රත්නයේ ආශීර්වාදය යටතේ වැඩපිලිවෙලක් ආරම්බ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කැලණිය පුණ්‍ය භූමිය විනාශ කිරීමට ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින බවත් බිණ්ඩපාකයේ වැඩි භික්ෂූන් වහන්සේලාට ඌරු මස් සහිත ආහාර පිරිනැමීම හෙලා දකින බවත් ඔහු සදහන් කරයි.
තමන් කැලණිය ආසන සංවිධායක ලෙස සිටිද්දී ආසනයේ මස් විකිණීම නවතා දැමුවත් අද වන විට මහා සංඝ රත්නයට ඌරු මස් බලෙන් පිලිගැන්වීමේ තත්වයට පත්ව ඇතැයිද සදහන් කරන හිටපු ඇමතිවරයා කැලණිය පිරිසිදු කිරිමේ වැඩසටහන තමන් ඉක්මනින්ම ආරම්භ කරන බවද කියා සිටී.