සරම ගැලවෙයි.. රටේ දරුවන්ට අබ සරණයි..
December 12, 2017 at 8:40 am | lanka C news
2018 අවයැය මගින් බියර් බදු පහත දැමීම ඇතුළු සියළු මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් සිංහලේ ජාතික පෙරමුණ විරෝධය පල කරයි.
සිය විරෝධය පල කරමින් එම සංවිධානය විසින් රට පුරා බොහෝ ප්‍රදේශවල දැන්වීම අලවීමක් සිදු කර ඇත.
මෙම යෝජනාවලියට එරෙහිව අධිකරනයට යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද සංවිධානය සදහන් කරයි.
ඉතිහාසය සහ ආගම පෙළපොත් වලින් අයින්කිරීමට යයි .එතකොට තාම සරම ඔලුවෙන් ගැලවෙන්නේ
මොකද්ද බන් ඔය පෙරමුණ? අදමයි ඇහුවෙ
විදේශ වලට යවන මිෂනාරිවරුන් හා බයිබල් පොත් සම ගමම ඊට වැඩියෙන් මත් පැන් බෝ තල හා වෙඩි උණ්ඩ යවනු බව පෙනේ. මුලින් කි ද්‍රව්‍යයෙන් සිතත් දෙවනුව කි දෙයින් සිරුරත් වනසනු පිණිසය.
ඒ.යි බුල්ජන්ස් මහතා 1886
අපේ කලුසුද්දෝ
වර්ෂ 2358 ක් කිසි මත් පැන් වර්ගයක් පානය නොකර සිටි සිංහල ජනකාය නැති කරන්නට කටයුතු කළෝ අපට හිතැති සර්ව සාධාරණ ඉංග්‍රීසි ජාතිකයෝ ය. ආදායම වැඩි කරගැනීමට මේ සේ කරන්නට ඕනෑය යි පත්‍රයේ ප්‍රසිද්ධ වූ ලියවිල්ලෙන්ද පෙනේ. වීර වික්රමකම් කළ සිංහලයන් ගේ ජාතභුමිය වූ ශ්‍රී ලංකා ද්විපය දෙමළ, ජා, චීන, පරංගි, ඕලන්ද, යන ජාතීන්ගෙන් ආරක්ෂා කරගත් නුමුත් මත් පැන් පොවා අසුරයන් දමනය කළ ශක්‍රයා මෙන් මත්පැන් නැමති විෂ බොන්නට දී සිංහලයන් නැති කිරීමට ඉංග්‍රීසි නිලධරයෝ ක්‍රියාරම්භ කළෝය
Meka nam methpal ge peramunak wage