සරල මිනිසා අවසන් ගමනත් සරලවම යයි.. ජනතාවට බාධා වෙයි කියා ජාතික ශෝක දිනයත් එපා කියයි..

December 29, 2016 at 11:20 am | lanka C news
සරල මිනිසා අවසන් ගමනත් සරලවම යයි.. ජනතාවට බාධා වෙයි කියා ජාතික ශෝක දිනයත් එපා කියයි..

අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අවසන් කටයුතු යෙදී ඇති මෙම 31 වැනිදා ජාතික ශෝක දිනයක් බවට නම් කිරීමට රජය ගෙන තිබූ තීරණය පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කල බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් ඒ මහතාගේ අවසන් කටයුතු මෙම 31 වැනිදා පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් හොරණදී සිදුකරන බවද ඔහු කියා සිටී.

වසර අවසානයේදී විවිධ ආගමික ජාතික උත්සව හා චාරිත‍්‍ර පැවැත්වෙන නිසා ජාතික ශෝක දිනයක් කිරීමෙන් ඒවාට බාධාවක් වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක ඇතුළු පවුලේ ඥාතීන් විසින් කල දැන්වීමක් මත මෙම තීරණය ගත් බවද ඇමති අබේවර්දන පැවසීය.

102 views
Main News