සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු ගෙල වැලලාගනී..

November 4, 2019 at 5:30 pm | lanka C news

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද සිසුවෙකු ගෙලවැළලාගෙන සියදිවි නසාගෙන ඇති අතර, මළ සිරුර දින කිහිපයක පසුව සොයාගෙන ඇති බව යාපනය පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ අදාළ සිසුවා රැදී සිටි නේවාසිගාකාර කාමරය දින කිහිපයක් වසා තිබුණු බවත් පසුව කාමරය තුළින් දුගඳ හැමීම සම්බන්ධයෙන් අනෙක් සිසුන් පරීක්ෂා කිරීමේදී සිසුවා සියදිවි හානිකරගෙන ඇති බව නිරීක්ෂණය වි ඇති බවයි.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිව්වන වසර අධ්‍යාපනය ලද මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි නියුමන් නමැති වයස අවුරුදු 26 ක සිසුවෙකු ‍එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

විභාගයට පෙනී සිටීම සමබන්ධයෙන් ඇතිවූ මානසික ගැටලුවක් හේතුවෙන් මෙසේ සියදිවි හානිකර ගන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටින අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරය වෙත ඇතුළත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,744 Viewers

7 Comments to “සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු ගෙල වැලලාගනී..”

  1. සමන් says:

    Federal නැති නිසාද???

    • Deviyo says:

      Mannaramen sarasaviyata aapu me tharunaya Yapane vellala sambandaya nathi ayek nam maranaya gaena pareeksanaya vadaa saelakilimath lesa kalayuthu vei. Yapanen ivath kota venath thanakata paschath marana pareeksanaya kaloth thama honda. Ehema nathinam apaksapaathi ekaka vei da? Sakayaki.

  2. ජෝයි මැල්කම් says:

    එක දෙමළෙක් අඩුවුනා

    • aniwa says:

      Amazing mentality, We will be the best nation very soon.

    • aththa says:

      එක දෙමලෙකු අඩු වුනා කියලා දාපු කමෙන්ට් එක නියම සිංහල බෞද්ධයෙක් කියන කතාවක් නෙමෙයි. එහෙම නැතත් අපි හැමෝම මිනිස්සු. මැරුනේ දෙමළ මිනිහෙක්ද සිංහල මිනිහෙක්ද, මුස්ලිම් මිනිහෙක්ද, වෙනත් ජාතිකයෙක්ද යන්න අදාළ නෑ. ඇති විය යුත්තේ සංවේගයක්. එයයි මනුස්සකම. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින ගැටළුකාරී බව සහ මානසික පීඩනය මේ මරණයට බොහෝ විට හේතු වෙන්න ඇති. කෙසේ වුවත් මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් අත් නොවේවා.

    • MD says:

      SINHALA JATIYA SAMAGA ATI SAMBANDAYA KADEEME ARAMUNIN DAMILA JATIKAYAKU(Antawadi)KARAPU WADAK WENNATH PULUWAN.

  3. Krishan Senarath says:

    වෛද්‍ය ශීෂ්‍ය ශීෂ්‍යාවන්ටත් තියෙන මානසික ව්‍යාකූලත්වයක් තමයි එකට මුහුණදිමට නොහැකි නිසා සියදිවි නසාගන්නේ ඒ අය වෛද්‍යවරුන් උනාමත් මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙන බව හැසිරිමෙන් හා විවිධ ක්‍රියාත්මකවිම් ක්‍රියාවන් හරහා අපිට දැකගන්න හා අසන්න ලැබෙනවා මාධ්‍ය හරහා වාර්තාවුන එවා තිබෙනවා
    01.අනුරාධපුරයේ අනුයුක්ත වෛද්‍යවරයෙක් කාන්තා වැසිකිළියක කැමරා සවිකිරිම
    02.මිගමුවේ වෛද්‍යවරයකු ඇගළුම් සේවිකාවක් දුෂණය කර මරාදැමීම රෝහලේදීම
    03.විවාහක වෛද්‍යවරිය වෛද්‍ය සැමියාට නොදන්වා මහගෙදර ගිහින් සැගව සිටිම පසුව දික්කසාදය දක්වා එය ඇදිගියා අනුරාධපුරයේ සිට කළුතර පැමිණිමක් එය

Leave a Comment

Main News