සරසවියේ සිසු ගැටුමක්.. තුවාලකරුන් පිරිසක් රෝහලට…
December 21, 2021 at 2:20 am | lanka C news
යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීට සිසුන් දෙපිරිසක් අතර 19 රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි.
විද්‍යා ීඨයේ දෙවන වසරේ සිසුන් සහ තෙවන වසරේ සිසුන් වෙනුවෙන් පාල්පන්නි මංසන්ධියේ පිහිටි පෞද්ගලික හෝටපයක් තුල රාත්‍රී භෝජන සංගහයක් පවත්වා ඇති අතර එහිදී දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව දෙපිරිස අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
අදාල පහර දී ගැනීම සිදුව ඇත්තේ පෞද්ගලික හෝටලයෙන් පිටත බවටත් එහිදී පහරදීගැනීම් වලින් තුවාල ලැබූ සිසුන් 05 දෙනෙකු යාපනය ශික්ෂන රෝහලට ඇතුලත් කොට ඉන් තිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අදාල පහරදීගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු කෝපායි පොලීසිය විසින් සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Do not arrest anyone.
This is the result of Free Education and RETRIBUTION.
Now the Northerners are fighting among themselves.
Police has to act on common law of land ,it does matter its belongs Tamils or among the Tamils, but we needed to address maintain law and order of civilian citizens of Islanders by Police force .Which is duty of enforcement authority of any nook and coroner of Island Republic by Department of Police ….@