සරසවි නරුමයන් මහ රාත‍්‍රියේ රෙදි ගලවා අමානුෂිකව නවක වද දුන් හැටි නවක සිසු හෙලි කරයි.. දුකට මව මිය යයි..

July 31, 2019 at 6:26 am | lanka C news
සරසවි නරුමයන් මහ රාත‍්‍රියේ රෙදි ගලවා අමානුෂිකව නවක වද දුන් හැටි නවක සිසු හෙලි කරයි.. දුකට මව මිය යයි..

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයක් තුළ සිදුවූ අමානුෂික නවක වද දීමක් සම්බන්ධයෙන් එහි නවක සිසුවෙක් මාධ්‍ය හමුවේ හෙළිදරව්වක් කළේය.

මහ රාත්‍රියේ තමන් කැඳවාගෙන ගොස් නාන කාමරය අසල නිරුවත් කර අවයම මිරිකමින් තමනට අමානුෂික ලෙස වද දුන් බව ඔහු පැවසීය.

මෙම සිදුවීමෙන් පසු තමනට නිතර වමනය යාම තත්ත්වයයක් ඇති වූ බවත් මෙම තත්වය දැනගත් තම මව මොළයේ නහරයක් පිපිරීමෙන් මිය ගිය බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිසියේ මෙන්ම උපකුලපතිවරයාටද පැමිණිලි කළද කිසිදු ප්‍රතිඵලයක් නැති බවද ඔහු පැවසීය.

සරසවිය තුළ ක්‍රියාත්මක දේශපාලන ව්‍යාපාරයක් විසින් සිය විරෝධතා සඳහා නවක සිසුන් ගෙන්වා ගැනීම සඳහා මෙම කටයුත්ත කරමින් සිටින බවද ඔහු කීවේය.

https://www.facebook.com/hirunews/videos/748985325543440/

6 views

39 Comments to “සරසවි නරුමයන් මහ රාත‍්‍රියේ රෙදි ගලවා අමානුෂිකව නවක වද දුන් හැටි නවක සිසු හෙලි කරයි.. දුකට මව මිය යයි..”

  1. Sanju says:

    ඔය වගේ වෙලවකදි පාවිච්චියට තමා පාතාලෙ, කුලී මිනීමරුවො හදලා තියෙන්නේ. පොඩි ගානක් වියදම් කරලා කොන්ත්‍රාත් එකක් දුන්නා නම් ඉවරයි. රැග් කරන ලීඩර් කෙනෙක් හොයලා මාස 6ක් ඉස්පිරිතාලෙ ඉන්ඩ දුන්නා නම් ඔය ඔක්කොම චන්ඩි ඉවරයි. අත පය කඩලා ඉස්පිරිතාලෙ විදවන්ඩ දුන්නා නම් අනිත් එවුන් බලු කුක්කො වගේ නැට්ට xකේ ගහගන්නවා.

  2. Sun says:

    I have been going through your writing to wake the mind from these dirty happening in the places called educational institutions crippling the mentality of new comers. Some think this is a place for intellectuals but these are types of students living there. This is the problem of our society playing hide and seek games. When they come out induce such dirty mentality to the society crippling the pureness of thinkers. What I say they learn some skills but not the morality of the minds. Heads are blank and not opened to vissudhi of our thinking. They dominate the university generation and induced dirty habits to new comers spoiling the free heads. This is not happening in other countries in the world my dear friends.