සරසවි පෙම්වතීගේ ලදරු කලලය එලියට අරන් වලදාලා.. අත්අඩංගුවට..

May 1, 2020 at 8:02 am | lanka C news
සරසවි පෙම්වතීගේ ලදරු කලලය එලියට අරන් වලදාලා.. අත්අඩංගුවට..

යාපනය චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල්, මරදනාමඩම් ප්‍රදේශයේ පෙම් යුවලක් විසින් ඔවුන්ට ලැබීමට සිටි දරුවෙකුගේ බිළඳු කලලයක් වලදමා ඇති බවට අනාවරනය වීමෙන් පසුව එම පෙම් යුවල අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාගම් පොලීසිය පවසයි.

පෙම් යුවල විසින් වලදැමුවේයැයි පැවසෙන බිළිඳු කලලය යාපනය මහෙස්ත්‍රාත්තුමන් ඉදිරියේදී ගොඩ ගැනීමටද පියවර ගෙන ඇති බවට පොලීසිය පවසයි.

අදාල සැකකාර පෙම්යුවලගේ ප්‍රේම සබඳතාවයන් හට නිවෙස්වලින් විරෝධය පලවීම හේතුවෙන් දෙදෙනාම නිවෙස් වලින් ඉවත්ව යාපනය මරදනාමඩම් මන්සන්ධියේ පිහිටි කූලී ස්ථානයක මීට මාස කිහිපයක සිට ජීවිත්ව ඇති අතර එහිදී පෙම්වතියට දරුවෙකු ලැබීමට නියමිතව තිබී ඇති අතර දරුවා නැති කිරීමට දෙදෙනා විසින් තීරණය කිරීමෙන් අනතුරුව පෙම්වතියගේ බිළිඳු කලලය ඉවතට ගෙන ඔවුන් රැඳී සිටි ස්ථානයේම වලදමා ඇත.

එමෙන්ම බිළිඳු කලලය ඉවතට ගැනීමට ඔවුන්ට වෛද්‍යවරයෙකුගේද සහය ලැබී ඇති බවට සැකපහල වී ඇති හෙයින් එම වෛද්‍යවරයා පිළිබඳවද පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අනතුරුව බිළිඳු කලලය වලදමනු දුටු අසල්වැසියෙකු විසින් ඒ බව පොලීසියට පවසා ඇති අතර අනතුරුව පොලීසිය විසින් අදාල පෙම් යුවල (29) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පෙම්වතිය යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියක් බවටද අනාවරනය වී ඇති අතර  වලදැමු කලලය අද දිනයේදී ගොඩගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

293 views

22 Comments to “සරසවි පෙම්වතීගේ ලදරු කලලය එලියට අරන් වලදාලා.. අත්අඩංගුවට..”

  1. Lotus says:

    සමාජයේම වැරැද්ද. ලමයෙක් හම්බ උනොත් බදින්න කලින් හම්බ උන ලමයා කියලා හිනා වෙනවා.
    සමාජය හරියට තිබ්බ නම් මේ ලමයත් දරුවව හදා ගනී. පොඩ්ඩ වැරදුනාම හිනා වෙන්න බලාගෙන ඉන්න සමාජයයි වෙනස් වෙන්න ඕනී. සමාජය වෙනස් වෙනකම් මෙහෙම වැරදි අනන්තවත් සිදුවේවී

    • ටොයිබයියා says:

      පැරණි සිංහල සමාජයේ මේක සාමාන්‍ය හා පිසමාජ පිළිගැනීමේ ප්‍රශ්නයක් කාටවත් නොතිබූ සිද්ධියක්. ඉස්සර කව්රුවත් කසාද බැන්දේ නෑ. ටොයි වික්ටෝරියානු ආකල්ප මෙහෙ පැල කළාට පස්සේ තමා මේ වින්නැහිය.

  2. HoHoHo says:

    ඔකේ ඔච්චර එල්ලෙන්න දෙයක් නෑ. ගබ්සාව නීති ගත කරන්න ඕනේ. බලෙන් ළමයි හදවන්න බෑනේ.

  3. rasika says:

    Lamai Hadan Nethuwa…Athal Ganillako…Mechchara…Krama Thiyena… Kalee…..

  4. Malvathu Asgiri Girigoris says:

    මේ ළමයින් මුහුණ පෑ ප්‍රශ්නය තමුන්ට ආවානම් විසදන්නේ කෙසේද. 90% දෙන ගබ්සාවක් කරන බව නියතය. ඒ නිසා මෙදෙස සානුකම්පිතව බලාපල්ලා. මීට වසර පනහකට පෙර මා පේරාදෙණියේ ශිෂ්‍යයෙකුව සිටි අවදියේ, එහි සවුක්‍ය මද්‍යස්ථානයේ ගබ්සාවන් සිදුවුනබව ප්‍රකට රහසකි. තරුණ තරුණියන් එකට සිටින ඕනෑම තැනක මේවා සිදුවිය හැකියි.

    යේසුස් වහන්සේ කිව්වක් මෙන් “නුඹලාගෙන් යමෙක් පව් කොට නැත්නම් පලවෙනි ගල් පාර ගසාපල්ලා”.

    රටේ ගබ්සාව නීති ගත කරපල්ලා යකුනේ.

    • john the baptice says:

      යේසුස් වහන්සේට මරියා මත්ලෙනා ගණිකාව ඇගේ තෙල්ගාපු එකත් මතක් කරපල්ලා ආමෙන්

    • ටොයිබයියා says:

      ගබ්සාව නීතිගත කරලා මිනී මරනවට වැඩ හොඳයි නේද නීතියෙන් හරි මහ උන්ගේ ආකල්ප වෙනස් කරන්ට බලන 1.

  5. Deepa says:

    It all depends on how far advanced the pregnancy was. If it was within the first few weeks only then it is just a few blast cells(not a fetus yet) and abortion is allowable. But if it had advanced to the stage of a fully formed fetus then it is different matter.

Main News