සරසවි සිසුන්ට අධි පීඩන ජල හා කදුළු ගෑස් ගහයි.. සිසුන් හිස් ලූ ලූ අත දුවති..
June 19, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු වටරවුම අසලදී සයිටම් විරෝධී පා ගමනකට පොලීසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම විරෝධතාව පවත්වන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.
විරෝධතාවය පැවැත්වුනේ සයිටම් අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
විරෝධතාවය හේතුවෙන් රාජගිරිය හා බත්තරමුල්ල ආසන්නයේදී දැඩි වාහන තදබදයක් ඇතිව තිබින.